අප්‍රේල් 23, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ශ්‍රී ලංකාවට අලුතින් පත්ව ආ තානාපතිවරු සිව් දෙනෙක් සහ මහ කොමසාරිස්වරයෙක් ජනාධිපති වෙත සිය අක්තපත්‍ර භාරදෙයි

    ජනවාරි 21, 2020

    ශ්‍රී ලංකාවට අලුතින් පත්ව ආ තානාපතිවරු සිව් දෙනෙක් සහ මහ කොමසාරිස්වරයෙක්  ජනාධිපති මන්දිරයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා වෙත සිය අක්ත පත්‍ර භාර දුන්හ.

    ශ්‍රි ලංකාව හා මෙම රටවල් අතර අධ්‍යාපන, සංවර්ධන, තාක්ෂණ සහ කෘෂිකාර්මික සබඳතා තවදුරටත් තහවුරු කර ගැනීමේ වැදගත්කම ජනාධිපතිතුමා මෙහිදී නව රාජ්‍ය තාන්ත්‍රිකයන්ට පෙන්වා දුන්නේය. ශ්‍රී ලංකාව සහ සිය රටවල් අතර දිගුකාලීන සබඳතා නව ක්ෂේත්‍ර ඔස්සේ තවදුරටත් වරධනය කර ගැනිමට කැපවන බවට ඕව්හු ප්‍රතිඥා දුන්හ.

    අද අක්තපත්‍ර භාරදුන් රාජ්‍ය තාන්ත්‍රිකයන්ගේ නාම ලේඛනය පහත පරිදි වේ.

    01 Mr. Jassim bin jabir jassim sarour - Ambassador of the State of Qatar
    (ජස්සිම් බින් ජබීර් ජස්සීම් සරූර් මහතා - කටාර් රාජ්‍යය සදහා තානාපති)

    02 Mrs. Rakibe Demet Sekercioglu - Ambassador of the Republic of Turkey (රකිබේ ඩිමෙට්‍ සෙක්‍රසියෝග්ලු - තුර්කි රාජ්‍ය සදහා තානාපති)

    03 Major General (Retd) Muhammad Saad khattak - High Commissioner of the Islamic
    Republic of Pakistan (මේජර් ජෙනරාල් (විශ්‍රාමික) මොහොමඩ් සාඩි ඛටාක් මහතා - පකිස්ථාන මහ කොමසාරිස් )

    04 Mr. Jean Claude kugener - Ambassador of the Grand Duchy of Luxembourg (ජින් ක්ලෝඩ් කුග්නර් මහතා - ලක්සම්බර්ග් රාජ්‍යයේ තානාපති )

    05 Dr. Marjan Cencen - Ambassador of the Republic of Slovenia (ආචාර්ය මර්ජාන් සෙන්සෙන් මහතා - ස්ලෝවේනියා රාජ්‍යයේ තානාපති

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya