අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කොත්මලේ පිහිටි පරිසර හා වන සංරක්ෂණ අංශය මහවැලි සංවර්ධන රාජ්‍ය අමාත්‍යවරයාගේ විශේෂ නිරීක්ෂණයට

    ජනවාරි 21, 2020

    ශ්‍රී ලංකා මහවැලි අධිකාරියේ කොත්මලේ පිහිටි පරිසර හා වන සංරක්ෂණ අංශයේ විශේෂ නිරීක්ෂණ චාරිකාවකට මහවැලි සංවර්ධන රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා පසුගිය දා (17) එක් විය.

    මෙහි දී ලංකාවේ රාජ්‍ය ආයතනයක් සතු ව පවතින උසස් තාක්ෂණයෙන් යුතු, ඵලදායිතාවයෙන් ඉහළ කොත්මලේ පටක රෝපණ විද්‍යාගාරය නිරීක්ෂණයට ලක් කිරීම ද සිදු කෙරිණි. නිරීක්ෂණ චාරිකාවෙන් පසු, කොත්මලේ පරිසර හා වන සංරක්ෂණ අංශයේ සේවක මහත්ම මහත්මීන් සමග සුහද සාකච්ඡාවකට ද රොෂාන් රණසිංහ රාජ්‍ය අමාත්‍යතුමන් එක් විය.


    මෙම අවස්ථාවට රාජ්‍ය අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ, පාර්ලිමේන්තු මන්ත්‍රී අනුරාධ ජයරත්න, ප්‍රාදේශීය දේශපාලන අධිකාරිය ඇතුළු මහවැලි අධිකාරියේ නිළධාරීහු රැසක් එක් ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya