අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ආර්ථික වැඩපිළිවෙළ ශක්තිමත් තුනෙන් දෙකක බලයක් ලබා දිය යුතුයි

    ජනවාරි 21, 2020

    ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ආර්ථික වැඩ පිළිවෙළ ශක්තිමත් කර සංවර්ධනය වේගවත් කිරීම සදහා ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ සාධනීය වෙනස් කම් රැසක් සිදු කිරීමට ඉදිරි මහ මැතිවරණයේදී තුනෙන් දෙකක බලයක් එතුමාට ලබා දිය යුතු බව අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසයි.

    අධිකරණ මානව හිමිකම් හා නීති ප්‍රතිසංස්කරණ අමාත්‍ය නීතිඥ නිමල් සිරිපාල ද සිල්වා මහතා මෙම අදහස් පළ කළේ මහියංගනය රිදී මාලියද්ද ජනතාවට පවතින ගැටළු පිළිබදව සාකච්ඡා කිරීම සදහා එම ප්‍රදේශයේ ජනතාව හමුවීමෙන් පසුව අදහස් පළ කරමිනි.

    එහිදී තවදුරටත් අදහස් පළ කළ අමාත්‍යවරයා මෙසේ ද සදහන් කළේය.

    රටේ දිශානතිය වෙනස් කර හොද දිශාවකට හැරවීමට ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට ඔබ ලබාදුන් ඡන්දය අහක ගියේ නැහැ.එය ජනතාව මෙන්ම රටක් ලෙස ගත් පසුවත් වැඩදායි ඡන්දයක් බවට පත් වුණා.වැට් බද්ද ඇතුළු බදු රාශියක් අඩු වුණා.ගොවි ජනතාවට බලපාන බෝග වර්ග කිහිපයක් පිට රටින් ගෙන්වීම දැන් නතර කර තිබෙනවා.අපේ රටේ නිෂ්පාදනය කරනු ලබන තවත් බෝග කිහිපයක් ගෙන්වීම තහනම් කිරීමට ඉදිරියේදී රජය කටයුතු කරනවා.ඒත් සමගම
    ගොවි ජනතාවගේ ආර්ථිකය අතමිට සරු හොද එකක් බවට පත් වෙනවා.බඩ ඉරිගු ගෙන්වීම තහනම් කළා.කුරක්කන් මෙනේරි අල කව්පි මේ වගේ ලංකාවේ නිෂ්පාදනය කරන්න පුළුවන් ඒවා ගෙන්වන එකත් අපි තහනම් කරනවා.අද ගම්මිරිස්වල මිළ වැඩි වෙලා තියෙනවා.මේ සියලු සහන ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ජනතාවට ලබාදීමට කටයුතු කළා.එතුමා මේ රටේ ආර්ථිකය ගොඩ නංවමින් සිටිනවා.ඒ නිසා අපි එතුමාව ආරක්ෂා කර ගත යුතුයි.එතුමාගේ ඉදිරි ආර්ථික වැඩ පිළිවෙළ ශක්තිමත්ව සිදු කිරීම සදහා සංවර්ධනය ඇති කිරීම සදහා ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේත් සාධනීය වෙනස් කම් රැසක් සිදු කර දිය යුතුයි.ඒ සදහා ඉදිරි මහ මැතිවරණයේදී විශිෂ්ට ජයක් තුනෙන්
    දෙකක බලයක් ලබා ගැනීමට කටයුතු කළ යුතු යැයි ද අමාත්‍යවරයා පැවසීය.

    පසුගිය රජයෙන් ජනතාවට කිසිසේත්ම විධිමත් සංවර්ධනයක් වුණේ නැහැ ඒ නිසා අපි ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා බලයට පත් කර ගත්තා.රිදී මාලියද්ද කොට්ඨාශය මහවැලියට පවරා ගැනීමට අපි කටයුතු කළා. ඉදිරි මහ මැතිවරණයට පෙර සියලු උපාධිධාරීන්ට පත්වීම් ලබා දෙනවා.බාහිර අභ්‍යන්තර කියලා බෙදීමක් නැහැ සියලු දෙනාට පත්වීම් දෙන බව ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා කැබිනට් මණ්ඩලයේදී සදහන් කළා.ඒ වගේම සාමාන්‍ය පෙළ උසස් පෙළ
    අසමත් තරුණ තරුණියන් ලක්ෂයකට රැකියා ලබා දෙනවා.ඒ රැකියා ලබා දෙන්නේ දරිද්‍රතාවයෙන් වැඩි වශයෙන් පෙළෙන අයටයි. උසස් පෙළ සාමාන්‍ය පෙළ සමත් අයට ඉල්ලන්න බැහැ.ඒ අයට ඉදිරි මහ මැතිවරණයෙන් පස්සේ රැකියා ලබාදීමේ වැඩ පිළිවෙළක් අපි ක්‍රියාත්මක කරනවා.ලබන මහ මැතිවරණයෙන් පස්සේ පිහිටුවනු ලබන නව රජය යටතේ ගම්වල සංවර්ධනය අපි වේගවත් කරනවා.අපි පසුගිය රජයේ ඇමතිකම් ලබා ගත්තා.ඒ ලබා ගත්තේ ජාතික රජයක්
    ලෙස අපේ පක්ෂයේ එකගත්වය අනුවයි.නමුත් ඒ රජයේ ප්‍රතිපත්ති හරි නැහැ කියලා තේරුම් ගියා ඒ නිසා අපි එයින් ඉවත් වුණා යැයිද අධිකරණ අමාත්‍යවරයා සදහන් කළේය.

     

    අපි ඉදිරි කටයුතු සිදු කර ගැනීම සදහා ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බලයක් ලබාදිය යුතුයි.එක්සත් ජාතික පක්ෂයේ පවතින අර්බුදය නිසා එම පක්ෂයේ සාමාජිකයින් අපි සමග එක්වෙමින් සිටිනවා.අපි ඒ අයව සාදරයෙන් පිළි ගන්නවා.පොදුජන පෙරමුණේ සාමාජිකයින් පමණක් නෙවෙයි ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ දැක්ම හා වැඩ පිළිවෙළ නිසා එතුමා වටා එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකයින් එක් රැස් වෙමින්
    සිටිනවා.අද රාජ්‍ය සේවය තුළ අල්ලස දුෂණය දුරු කිරීමට මෙන්ම කාර්යක්ෂම රාජ්‍ය සේවයක් ඇති කරලීමට කටයුතු කර තිබෙනවා.එදා බණ්ඩාරනායක මැතිතුමා එක්සත් ජාතික පක්ෂයේ සිට ඇවිත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පිහිටුවනු ලැබුවා.ඒ නිසා අපි එක්සත් ජාතික පාක්ෂිකයින් සාදරයෙන් පිළිගත යුතුයි.පක්ෂ පාට භේද අමතක කර දුක් විදින ග්‍රාමීය ජනතාවගේ ප්‍රශ්න විසදාලීමට අපි කැප විය යුතු බව ද අමාත්‍යවරයා තවදුරටත් සදහන් කළේය.

    ප්‍රදේශයේ ආබාධිත ජනතාව සදහා රෝද පුටු පරිත්‍යාගයක් ද මෙහිදි සිදු විය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya