අප්‍රේල් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ප්‍රාථමික පන්තියක සිටිය යුතු ශිෂ්‍ය සංඛ්‍යාව 40 දක්වා වැඩිකිරීමට අවධානය

    ජනවාරි 20, 2020

    පළමු ශ්‍රේණියේ පන්තියක සිටිය යුතු ශිෂ්‍ය සංඛ්‍යාව තිස්පහ(35)ක් විය යුතු බවට අධිකරණ නියෝගයක් වේ.

    මෙම අධිකරණ තීරණය සමාලෝචනය කොට අදාළ ශිෂ්‍ය සංඛ්‍යාව හතළිහක්(40) දක්වා වැඩිකර ගැනීම වෙනුවෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ අවසරය ලබාගැනීම සඳහා අධ්‍යාපන අමාත්‍යවරයා විසින් 2020/01/02 දින ඉදිරිපත් කරනු ලැබූ පත්‍රිකාවට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිවිය.

    ප්‍රාථමික පන්තීන් සඳහා ගුරු සහායකයින් බඳවා ගැනීමේ ‘සෞභාග්‍යයේ දැක්ම’ ජාතික ප්‍රතිපත්තියට අනුව, ප්‍රාථමික පන්තිභාර ගුරුවරයාට මෙතෙක් තිබූ පීඩනය සහ කළමනාකරණයේ අපහසුතාවයන් අවසන් වනු ඇත. ශිෂ්‍ය සංඛ්‍යාව 35 සිට 40 දක්වා වැඩිකිරීමේ තීරණයට පසුබිම නිර්මාණය වන්නේ ද මෙම ගුරු සහායකයින් පත්කිරීමේ ප්‍රතිපත්තිමය තීරණයයි.

    අදාළ නීතිමය කටයුතු අවසන් වූ පසු දැනට රට පුරා දෙමව්පියන් තම දරුවන් වෙනුවෙන් මුහුණ දී ඇති තවත් දුෂ්කරතාවක නිමාව සටහන් කළ හැකි බව අධ්‍යාපන අමාත්‍යාංශයේ විශ්වාසයයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya