අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සංචාරකයෙකු අපහසුතාවයට පත් කරන සිද්ධිය පිළිබද ව ඇමති පරික්ෂණයක් ඉල්ලයි

    ජනවාරි 20, 2020

    සමාජ මාධ්‍යවල මේ දිනවල සංසරණය වන සංචාරකයෙකු අපහසුතාවයට පත්වන දර්ශන ඇතුළත් වීඩියෝවට අදාළ සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් සිදු කරන්නැ‘යි කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන් සේවා ඇමති ප්‍රසන්න රණතුංග මහතා පොලිස්පතිවරයාට දැනුම් දෙයි.

    විදේශීය සංචාරකයෙකු රැගෙන යන මෝටර් රථයකට කිසියම් පිරිසක් බාධා කරන දර්ශන ඇතුළත් වීඩියෝවක් මේ දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන අතර එය ගුවන් තොටුපළ පරිශ්‍රයේ දී සිදු වු බවත් මේ පිළිබදව ජනාධිපතිවරයාගේ අවධානය යොමු කළ යුතු බවත් එහි සදහන් කළේය.


    මෙම සිද්ධිය ගුවන් තොටුපළ පරිශ්‍රයේ දී සිදුවූවක් බව කීවද මෙම සිද්ධිය සිදුව ඇත්තේ ගුවන් තොටුපළ පරිශ්‍රයේ නොවන බවටත් එය සිදු ව ඇත්තේ මීට මාස කීපයකට පෙර බවටත් තොරතුරු ලැබී තිබේ.
    කෙසේ වෙතත් මෙය කුමන කාලයක, කෙලෙස කොතනක සිදු
    වුවද මෙවැනි සිද්ධීන්වලට ඉඩ දිය නොහැකි බව අවධාරණය
    කරන ප්‍රසන්න රණතුංග ඇමතිවරයා මේ සිද්ධියට සම්බන්ධ
    පුද්ගලයන් කවරෙකු වුව ද වහා අත්අඩංගුවට ගෙන නීතිය හමුවට
    පමුණුවන්නැ‘යි පොලිස්පතිවරයාගෙන් ඉල්ලා තිබේ.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya