මාර්තු 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    උසස් අධ්‍යාපන ඇමැති හෝමාගම තාක්ෂණික ආයතනයේ නිරීක්ෂණයක

    ජනවාරි 19, 2020

    තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ, උසස් අධ්‍යාපන, තාක්ෂණ සහ නවෝත්පාදන අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා අද (19) හෝමාගම, දියගම ප්‍රදේශයේ පිහිටි මොරටුව විශ්වවිද්‍යාලීය තාක්ෂණික ආයතනය තුළ නිරීක්ෂණයක නිරත විය.

    එම ආයතනය තුළ පිහිටි පේෂකර්ම හා රෙදිපිළි, පරිගණක, රසායන, ඉලෙක්ට්‍රොනික, යාන්ත්‍රික, වඩුවැඩ ආදී පාඨමාලා පැවැත්වෙන ස්ථාන මෙන්ම ශිෂ්‍ය නේවාසිකාගාරය, ශ්‍රවණාගාරය සහ ආපනශාලාව ද නිරීක්ෂණය කළ අමාත්‍යවරයා එහි අධ්‍යාපනය ලබන සිසු සිසුවියන් සමඟ සුහඳ කතාබහක ද නිරත විය.

    මෙම අවස්ථාවට හෝමාගම තාක්ෂණික ආයතනයේ නිසි බලධාරී සුනිල් ජයන්ත නවරත්න මහතා ඇතුළු එම ආයතනයේ ආචාර්යවරුන් ද සහභාගී විය.

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya