මාර්තු 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මහවැලි වික්ටෝරියා කලාපයට ''නව හරිත උයනක්''

    ජනවාරි 18, 2020

    මහවැලි වික්ටෝරියා කලාපය තුළ නව හරිත උයනක් ආරම්භ කිරීම ඊයේ (17) පෙරවරුවේ මහවැලි සංවර්ධන රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් මහනුවර දිගන අඹකොටේ ප්‍රදේශයේ දී සිදු කෙරිණි.

    ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ " සෞභාග්‍යයේ දැක්ම " ජාතික ප්‍රතිපත්තියට අනුව වැඩ කරන රටක් නිර්මාණය කිරීමේ කාර්ය භාරයේ දී මහවැලි සංවර්ධන රාජ්‍ය අමාත්‍යංශය යටතේ ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය ද විශාල වැඩ කොටසක් සිදු කරනු ලබයි. මහවැලි කලාප තුළ හරිත උයන් ඇති කිරීම ද ඉන් එක් කාර්යකි.

    මෙම අවස්ථාවට රාජ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල, පාර්ලිමේන්තු මන්ත්‍රී අනුරාධ ජයරත්න, ශ්‍රී ලංකා මහවැලි අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් සුනිල් පෙරේරා, රාජ්‍ය නිළධාරින්, ගම්වාසීන් ඇතුළු විශාල පිරිසක් එක් ව සිටියහ.

    මෙහි දී ඌණ භාවිත පළතුරු පැළ රෝපණය කරමින් හරිත උද්‍යානය ආරම්භය සනිටුහන් කෙරිණි.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya