මාර්තු 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    වනජීවි නිලධාරින්ට ඩ්‍රෝන කැමරා

    ජනවාරි 18, 2020

    වන අලි පැන්නීමේ මෙහෙයුම්වලදී වනජීවි නිලධාරින්ගේ ජීවිත ආරක්ෂාව වෙනුවෙන් නවීන ඩ්‍රෝන කැමරා ලබාදීමේ වැඩ පිළිවෙලක් සකස් කරන බව මාතලේ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවට සහභාගිවෙමින් රැස්විමේ සභාපති ලක්ෂ්මන් වසන්ත පෙරේරා මහතා පවසයි.

    මාතලේ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේදී සභාපතිවරයා මේ බවපැසීය. සම්බන්ධීකරණ කමිටු රැස්වීම ආරම්භයේදී මාතලේ රජ්ජම්මන ප්‍රදේශයේදී වන අලින් පලවා හැරිමේ මෙහෙයුමකදී මිය ගිය මාතලේ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ සමාජිකයෙකුද වන ජිවී අඩවි සහකාර නිලධාරි මධුෂාන් වික්‍රමසිංහ මහතා වෙනුවෙන් විනාඩියක නිශ්ශබ්දතාවයක් පවත්වා කමිටුවේ ශෝකය පළ කළේය. ‌

    ඩ්‍රෝන කැමරා භාවිත කළේ නම් දුර සිට වන අලින් සිටින ස්ථාන පහසුවෙන් නිරික්ෂණය කළ හැකි බවත් මෙම තාක්ෂණය භාවිත කළේ නම් වන ජීවි නිලධාරියාගේ ජීවිතය රැක ගැනීමටද අවස්ථාව තිබු බවත් ඉදිරියේදී ඒවැනි සිදුවිම් සිදු නොවීමටද අවශ්‍ය පියවර ගන්නා බවත් කමිටු සභාපතිවරයා සදහන් කළේය. වනජීවි අමාත්‍යවරයා සමග සාකච්ඡාකර ඩ්‍රෝන කැමරා පහසුකම ලබා දීමට කටයුතු කරන බවද ලක්ෂ්මන් වසන්ත මහතා වැඩිදුරටත් පැවැසීය.

    DMU/Matale

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya