මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නව ලෝකයට ගැළපෙන ආකාරයට අදායම් උත්පාදන ව්‍යාපාරයක් බවට මහවැලිය පත් කරනවා - රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ

    ජනවාරි 17, 2020

    ජනාධිපතිතුමාගේ සෞභාග්‍යයේ දැක්ම ජාතික ප්‍රතිපත්තියට අනුව වැඩකරන රටක් නිර්මාණය කිරීම සඳහා කැප වීමෙන් යුතුව කටයුතු කර මහවැලියෙන් ලබන උපරිම ප්‍රතිලාභ කඩිනම් ව ජනතාවට අත් කර දෙන බවත්, දුෂණයෙන් වංචාවෙන් තොර රටක නව ලෝකයට ගැළපෙන ආකාරයට අදායම් උත්පාදන ව්‍යාපාරයක් බවට මහවැලිය පත් කරන බවත් රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා පවසා සිටී.

    රාජ්‍ය අමාත්‍යවරයා මේ බව පවසා සිටියේ,  මහවැලි ''බී'' කලාපයේ වැලිකන්ද මුතුවැල්ල තපෝදනාරාම විහාරස්ථානයේ දී පැවති විශේෂ රුක්රෝපණ වැඩසටහනට එක්වෙමිනි.
    එහි දී මුතුවැල්ල හන්දියේ සිට කන්දකඩුව, සේරුවාවිල දක්වා වූ මාර්ගය දෙපස පැළ සිටුවීමේ වැඩසටහනක් ද ක්‍රියාත්මක වූ අතර වැලිකන්ද මුතුවැල්ල මහවැලි ජනපදිකයන්ට මී, කුඹුක්, සියඹලා ආදි පැළ 1,800 ක ප්‍රමාණයකුත්, ආදර්ශ ගෙවතු 1300 ක් සංවර්ධනය කිරීමේ වැඩසටහන යටතේ එම ගෙවතු හිමියන්ට පැළ ලබාදීමේ වැඩසටහනකුත්, ජනපදිකයන්ට පරිසර හිතකාමී ගමන් මළු ප්‍රදානයකුත් සිදු කෙරිණි.
    මේ සඳහා ප්‍රදේශයේ ආගමික නායකයන්, දේශපාලන අධිකාරිය, මෙන්ම මහවැලි සංවර්ධන රාජ්‍ය අමාත්‍යංශයේ හා ශ්‍රී ලංකා මහවැලි අධිකාරියේ නිළධාරින් විශාල ප්‍රමාණයක් ද එක් වූහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya