අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මහවැලි ජනතාවගේ ගැටළු රැසකට විසඳුම්

    ජනවාරි 17, 2020

    මහවැලි ජනතාවගේ ගැටළු රැසක් එම අවස්ථාවේ දී ම විසඳීමට හැකි වූ ශ්‍රී ලංකා මහවැලි අධිකාරියේ පළාත් දිනය  මහවැලි සංවර්ධන රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් මනම්පිටිය ප්‍රතිභා ශාලාවේ දී (16) පැවත්විණි. ඒ සඳහා ශ්‍රී ලංකා මහවැලි අධිකාරියේ එක් එක් විෂය ක්ෂේත්‍රයන්ට සම්බන්ධ සියළු නිළධාරින් සහභාගි වීය.

    මහවැලි ‘බී’ කලාපයේ ජනපදිකයන් අතර ඇති මහවැලිය සම්බන්ධ ගැටළු ජංගම සේවයක් ලෙස ක්‍රියාත්මක වී කඩිනම් ව විසඳා දීම මෙම පළාත් දිනය පැවැත්වීමේ අරමුණ වී තිබේ.

    එහි දී මහවැලි ජනතාවගේ ගැටළු රැසක් එම අවස්ථාවේ දී ම විසඳීමට හැකි වූ අතර එලෙස එම අවස්ථාවේ දී විසදීමට නොහැකි වූ ගැටළු මාස දෙකක් ඇතුළත විසඳා දීමට කටයුතු කරන ලෙස රාජ්‍ය අමාත්‍යවරයා අදාළ නිළධාරින්ට උපදෙස් දී ඇත.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya