අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    වත්මන් නායකයින් රටේ ජනතාව ගැන බලනවා - රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ

    ජනවාරි 17, 2020

    සෞභාග්‍ය දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුව, “ගමට ගෙයක් - රටට හෙටක්, සැම පවුලකටම සුවපහසු නිවසක්” ලබා දීමේ වැඩසටහනට කැබිනට් අනුමැතිය හිමි වූ බවත්, ජනාධිපතිතුමාගේ සහ අග්‍රාමාත්‍යතුමාගේ පූර්ණ ආශීර්වාදය ඇතිව මෙම වසර අවසන් වීමට පෙර නිවාස 14,022 ක් ඉදිකර අවසන් කරන බව නිවාස පහසුකම් රාජ්‍ය අමත්‍ය ඉන්දික අනුරුද්ධ මහතා (16) අරලියගහ මන්දිරයේ පැවති විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමින් කියා සිටියේය.

    එහි දී පරිපූරක අයවැයක දී වුව ද වැඩ කිරීමට නොබියව කටයුතු කරන බවත්, වැටුප ගැන පමණක්ම නොහිතා පක්ෂ විපක්ෂයෙන් තොරව කටයුතු කළ යුතු බවත් කියා සිටි ඒ මහතා රටට අවශ්‍ය වන්නේ සංවේදී නායකයින්, ජනතා ප්‍රශ්න හඳුනාගන්නා නායකයින් බවත්, කුමන පක්ෂයක අයවළුන් කෙසේ කුමක් කිවත් වත්මන් නායකයින් රටේ ජනතාව ගැන බලන බවත් කියා සිටියේය.
    ඒ අනුව, ටකරන්, ලෑලි, තල්අතු, පොල් අතු සෙවිලි කළ නිවාස වලපදිංචි පවුල් සඳහාත්, නිදන්ගත රෝග, අබාධිත දරුවන් සිටින සඳහාත්, විශ්ව විද්‍යාලයට සුදුසුකම් ලැබුව ද දුප්පත්කමින් පෙළෙන දරුවන් සඳහාත්, මෙම නිවාස ව්‍යාපෘතිය සඳහා කඩිනමින් නිවාස ලබා දීමට කටයුතු කරන බව කී රාජ්‍ය අමාත්‍යවරයා වත්මන් රජය යටතේ නිසි ක්‍රමවේදයකට අනුව නිවාස වැඩසටහන ක්‍රියාත්මක කරන බව ද මෙහි දී ප්‍රකාශ කළේය.

     

     

     

     

     

     

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya