අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පසුගිය සමයේ අතහැර දැමූ සූරිය වැව IT උද්‍යානය ඇමැති නිරීක්ෂණයට

    ජනවාරි 17, 2020

    හම්බන්තොට වරාය, මත්තල ගුවන් තොටුපල , සූරියවැව ජාත්‍යන්තර ක්‍රීඩාංගණයට සමීපව පිහිටා ඇති අතහැර දමා ඇති හම්බන්තොට සූරිය වැව IT උද්‍යානය සඳහා වෙන් කොට ඇති ගොඩනැගිලි සංකීර්ණය ගොඩනැගිලි සංකීර්ණයේ නිරික්ෂණ චාරිකාවකට ඊයේ (15) තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ,උසස් අධ්‍යාපන,තාක්ෂණ හා උසස් අධ්‍යාපන,තාක්ෂණ හා නවෝත්පාදන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා එක්විය.

     මහින්ද රාජපක්ෂ රජය කාලයේ දී විශාල පිරිවැයක් දරමින් හම්බන්තොට සූරිය වැව IT උද්‍යානය සඳහා සුවිශාල භූමි ප්‍රමාණයක් වෙන් කොට දැවැන්ත ගොඩනැගිලි සංකීර්ණයක් ඉදිවෙමින් පැවැතිණි. එවකට ඉදිකිරීමේ අවසන් අදියරේ පැවති ප්‍රධාන මහල් ගොඩනැගිලි සංකීර්ණය ඉදිකිරීම් 2015 රජය බලයට පත් වූ දා සිට නැවතී තිබේ.

     එහිදී අඳහස් දැක්වූ අමත්‍යවරය, නිරික්ෂණයේදී තීරණය කළා වහාම රජය දේශීය හා විදේශීය ආයෝජකයින් සම්බන්ධ කර ගනිමින් ලංකාවේ විශාලම තාක්ෂණ හා අධි තාක්ෂණ විශ්වවිද්‍යාලය මෙම වසර තුළම ආරම්භ කිරීමට. ඒ
    අනුව තොරතුරු තාක්ෂණ, ඉංජිනේරු තාක්ෂණ , රොබොටික් ඉංජිනේරු පාඨමාලා ඇතුළු වෙනත් අධිතාක්ෂණික උපාධි පාඨමාලා ආරම්භ කිරීමට නියමිත අතර දේශීය සිසුන්ට අමතරව ඉන්දියාව,මාලදිවයින, බංගලා දේශය, පාකිස්තානය යන රටවලින් සිසුන් ආකර්ෂණය කර ගැනීමට ද බලා පොරොත්තු වෙනවා.

    එමෙන්ම දකුණු පළාතේ තිබෙන මහින්දෝදය තාක්ෂණික විද්‍යාගාරවල පරිගණකාගාර යොදාගෙන ඒ සියලු පාසල් අධි තාක්ෂණික විශ්වවිද්‍යාලයට අනුබද්ධ කර ගැනීමටත් එමගින් මුළු දකුණු පළාතේම සිසුන්ට තොරුතුරු තාක්ෂණික ඩිප්ලෝමා, උසස් ඩිප්ලෝමා ලබා ගත හැකි බවත් අමාත්‍යවරයා පැවසීය.

     

     

     

     

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya