අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඉඩම් පවරා ගැනීමේ දී එහි වටිනාකම් තක්සේරු කර ඇති ආකාරය ඉතාමත් අසාධාරණයි - වහාම එය නිවැරදි කළ යුතුයි - අමාත්‍ය ජොන්ස්ටන් ප්‍ර‍නාන්දු

    ජනවාරි 16, 2020

    යහපාලන රජය විසින් සිදුකරන ලද මාර්ග සංවර්ධන ව්‍යාපෘතීන් සඳහා ජනතාවගේ ඉඩම් අත්පත් කරගැනීමේ දී ඒ සඳහා නිසි තක්සේරුවක් ලබා දී නොමැති බවත් මෙසේ සංවර්ධනයට මුවා වී තම පෞද්ගලික සුභ සුද්ධිය තකා කටයුතු කරමින් අසාධාරණ පාලනයක් ගෙන ගොස් ඇති බවත් වරාය හා නාවික කටයුතු, මාර්ග හා මහා මාර්ග සංවර්ධන අමාත්‍ය ජොන්ස්ටන් ප්‍ර‍නාන්දු මහතා පවසයි.

    අමාත්‍යවරයා මේ බව පැවසූයේ, අධිවේගී මාර්ග නිරීක්ෂණ චාරිකාවක් සඳහා එක්වෙමින් මාධ්‍යවේදීන් හමුවේ අදහස් දක්වමිනි. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා කියා සිටියේ, අධිවේගී මාර්ග සංවර්ධනයේ දී ජනතාවට මුහුණ පාන්නට සිදු ව ඇති මෙතෙක් නොවිසඳුණු ගැටළු සඳහා ඔවුන් සමගම සාකච්ඡා කරමින් ලබාදිය හැකි විසඳුම් කඩිනමින් ඔවුන් වෙත ලබාදීමට තමා කටයුතු කරන බවයි.

     

    “මේ නිරීක්ෂණ චාරිකාවේ අරමුණු වලින් එකක් තමයි මෙහි සංවර්ධනය කෙසේද සිදුවන්නේ සහ එහි තියෙන අඩුපාඩුකම් පිළිබඳව සොයාබැලීම. ඊටත් වැඩිය විශේෂයෙන් ම ජනතාව පීඩනයට පත්වෙලා තියෙනවා ප්‍ර‍ශ්න ගණනාවක් තිබිලා තියෙනවා ගිය රජය ඇහුම්කන් නොදුන් ප්‍ර‍ශ්න. ඒ නිසා අපි දේශපාලන අධිකාරියේ ඉල්ලීම පරිදි තමයි ඇමතිවරයා හැටියට මම ඇවිල්ලා ඉන්නේ ඒ ජනතාව සමග සාකච්ඡා කරලා ඔවුන්ගේ දැවෙන ප්‍ර‍ශ්න ඔවුන් ළඟටම ඇවිල්ලා අමාත්‍යංශයක් හැටියට අපි විසඳුමක් දෙන්න පුළුවන් ඒවට විසඳුම් දෙන්න.

     

    මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ රජය යටතේ වන්දි ගෙව්වේ ඒ ඉඩම් වල එදා තිබුණ වටිනාකමට නෙවෙයි. අවුරුදු තිහක් ඉදිරියට වටිනාකම බලලා තමයි වන්දි ගෙව්වේ. සංවර්ධනයේ දී ජනතාව පීඩනයට පත්කළේ නැහැ. ඒ විතරක් නෙවෙයි ආර්ථික වශයෙන් ඔවුන් ශක්තිමත් කරපු දෙයක් හැටියටයි එය අපි දකින්නේ. ඉඩම් පවරගන්නා විට ඔවුන්ට ස්ථාවර විදියට ඔවුන්ගේ අනාගතය සුරක්ෂිත වෙන විදියට තමයි අපි එදා ඉඩම් පවරා ගන්නකොට වටිනාකමක් ලබාදුන්නේ. 2015 න් පස්සේ යහපාලන ආණ්ඩුව ආවට පස්සේ ඉතාමත් කුරිරු ලෙස ජනතාවගේ පැත්තෙන් බලන්නේ නැතිව ඔවුන්ගේ ඉඩ කඩම් පවරගන්න විට එදා තිබුණ මිළට තමයි තක්සේරු කරලා ඉවර වෙලා ඔවුන්ට ගෙවලා තියෙන්නේ. ඒත් ඒ තක්සේරු වල ප්‍ර‍ශ්න ගණනාවක් තියෙනවා.

    ඒ නිසා තමයි අද ජනතාව ලිපි ගණනාවකින් අපිව දැනුවත් කරලා තියෙන්නේ. ඒ සඳහා අපි විසඳුම් දෙන්න බලාපොරොත්තු වෙනවා. ජනතාවට ගෙවන මුදල අඩු කරන එක විතරක් නෙවෙයි එදා දුන්න තක්සේරුවත් ඉතාමත්ම අසාධාරණ තක්සේරුවක් හැටියටයි අපි දකින්නේ. හිතක් පපුවක් නැතිව තමයි සංවර්ධනය කරන ගමන් රටේ ඒකෙන් හොරකම් කරමින් අහිංසක ජනතාවගේ ඉඩම් පවරගන්නකොට ජනතාව දිහා බලන්නේ නැතිව තමන් විතරක් යැපෙන්න, ඇමතිවරු යැපෙන්න, අගමැතිවරු යැපෙන්න බලපු යුගයක් තමයි ඒ යුගය. මේ ආණ්ඩුව යටතේ ඉතාමත්ම ඉක්මනින් මේ ව්‍යාපෘතියේ වැඩකටයුතු අවසන් කරන්නයි අපි බලාපොරොත්තු වෙන්නේ.

     

    සියයට 15 ක් රජයක් හැටියට අපි ණය මුදල ලබාගන්න ගෙවන්න ඕන. ඉතින් වෙලා තියෙන්නේ මේ රටේ ආර්ථිකය සම්පූර්ණයෙන් ම මහ බැංකුව හොරා කාලා මේ රටේ ආර්ථිකය විනාශ කරලා මේ පසුගිය අවුරුදු පහේ ක්‍රියාකරපු අකාරය බැලුවම මීරිගමින් ආරම්භ කරලා තියෙනවා. මුලක් නැහැ. මේක විතරක් නෙවෙයි. මීරිගම දක්වා අධිවේගී මාර්ගය තවම ආරම්භ කරලා නැහැ. ත්‍රෛනිකායික නායක හාමුදුරුවන් වහන්සේලා ට මොනවා කිව්වත් ගිහිල්ලා කිරිඇල්ල ඇමතිතුමා සහ හිටපු අගමැතිතුමා ඇත්ත වශයෙන්ම ඔවුන් කිසිම සැලසුමක් නැතිව වැඩකටයුතු කරලා තියෙන බවයි අපිට පේන්නේ. අපි බලාපොරොත්තු වෙන්නේ මේක ඉතාමත් ඉක්මනින් වැඩ කටයුතු ආරම්භ කරලා ඉවර වෙලා අවසන් කරන්න.

     

    මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා බලයේ හිටියා නම් මධ්‍යම අධිවේගී මාර්ගයේ තමයි දැන් මේ රටේ ජනතාව ගමන් කරන්නේ. නමුත් මේකෙ සංවර්ධනය වසර 25 ක් ආපස්සට ඇදගෙන ගිහිල්ලා තියෙනවා යහපාලන ආණ්ඩුව. මට දැනෙන විදියට මේ මීරිගම කොටස අවසන් කරන්න තවත් වසර 04 ක් පමණ ගතවෙයි. අපි බලාපොරොත්තු වෙන්නේ මීරිගම ඉඳලා කුරුණෑගලට හැකිතරම් ඉක්මනට හදලා ඉවර කරන්න. අඩු ගාණෙ මීරිගම සිට කුරුණෑගලට හරි ජනතාවට යන්න පුළුවන් වෙන්න. මේ සම්පූර්ණ වගකීම පසුගිය රජය ගන්න ඕන. කයිවාරු ගැහුවට, මඩ ගැහුවට ඔවුන් වැඩ බැරි අසාධාරණ ආණ්ඩුවක් හැටියටයි අපි දකින්නේ.....” යැයි ද අමාත්‍යවරයා එහිදී වැඩිදුරටත් පැවසීය.

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya