අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නවකවදය නිසා විශ්වවිද්‍යාල හැරගිය සිසුන්ට නැවත උසස් අධ්‍යාපන අවස්ථා හිමිකර දීමට පියවර

    ජනවාරි 15, 2020

    කිසිදු ආකාරයක නවක වදයක් ලබා නොදෙන පරිදි ඉදිරියේදී නවක වද පනතේ විධි විධාන අකුරට ක්‍රියාත්මක කරන බව සම කැබිනට් ප්‍රකාශක, උසස් අධ්‍යාපන අමාත්‍ ආචාර්ය ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

    අද (15) උදෑසන රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් මේ බව සඳහන් කළ  අමාත්‍යවරයා,  සෑම දෙමාපියෙක්ගේ දරුවෙක්ටම භියෙන් හා සැකයෙන් තොරව ලාංකීය නිදහස් අධ්‍යාපනයේ උරුමය ලබා දීම සඳහා රජය උපරිම ලෙස මැදිහත් වෙන බවත් සඳහන් කළේය.

    වර්ෂයකයට ශ්‍රී ලාංකික සිසුන් 20,000 වැඩි පිරිසක් උසස් අධ්‍යාපනය සඳහා විදේශ ගත වන බවත් ඒ වෙනුවෙන් ලාංකීය දෙමාපියන් වර්ෂයකට රුපියල් බිලියන 50කට වැඩි මුදලක් වියදම් කරන බවත් සඳහන් කල අමාත්‍යවරයා රටට ලෝකයට ණය වෙනවාට වඩා මෙරට තුළ අධ්‍යාපනය ලැබීමේ වරම් ඇති කරන බව පැවසීය. ඒ සඳහා විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව සමඟ සාකච්ඡා කර විශ්ව විද්‍යාල අධ්‍යාපනය සඳහා විදේශ රටවලට සිසුන් යවන ආයතන නියාමනය සඳහා ක්‍රමවේදයක් සකස් කරන බවද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

    තවද පසුගිය දා අසර්බයිජානයේදී මිය ගිය ශ්‍රී ලාංකික ශිෂ්‍යවන් තිදෙනාගේ මෘත දේහයන් හදිසි අවශ්‍යතාවක් ලෙස සලකා මෙරටට ගෙන්වා ගැනීම පිණිස රුපියල් මිලියන 1.5ක මුදලක් රජය විසින් දැරීමට විදේශ සබඳතා අමාත්‍යංශය විසින් ඉදිරිපත් කල යෝජනාවටද කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබේ.

    මෙරට අපොස උසස් පෙළ සඳහා ඉදිරිපත් වන එක්ලක්ෂ අසූඑක්දහසක් පමණ සිසුන්ගෙන් රජයේ විශ්ව විද්‍යාල අධ්‍යාපනය හැදැරීම සඳහා අවස්ථාව විවර වන්නේ 30,000කට පමණි. සෑම වසරකම විශ්ව විද්‍යාලවලට ඇතුල් වන මෙම විද්‍යාර්ථයන්ගෙන් 2000 පමණ දෙනා නවක වදය හේතුවෙන් විදේශ ගත වීමට හෝ විශ්ව විද්‍යාල ජීවිතය අතරමං කර ගැනීමට ලක් වන බව පොලිස් කොමිසම දැනුම් දී තිබේ.

    මෙම නවක වදය උසුලා ගැනීමට බැරිව ඇතැම් සිසුන් සිය දිවි හානි කරගෙන තිබෙන බවද තවත් සමහරක් සිසුන් සදාකාලික ආබාධිත තත්වයට පත් ව ඇති බවද සඳහන් කල අමාත්‍යවරයා විශ්ව විද්‍යාල අචාර මහාචාර්යවරු, කුලපතිවරු ඇතුලු විද්වත් මණ්ඩලයකගෙන් යුතු කමිටුවක් පත් කර නවක නිසා විශ්ව විද්‍යාල අධ්‍යාපනය හැර ගිය සිසුන්ට නැවත එම පාඨමාලා හැදෑරීමට අවස්ථාව ලබා දෙන බවත් සඳහන් කළේය.නවක වදය නිසා වින්දිතයන් වූ සියළු සිසුන්ට මෙම කොමිසමට ඉදිරිපත් වී කරුණු ඉදිරිපත් කර නැවත විශ්ව විද්‍යාල අධ්‍යාපනය සඳහා යොමු වීමේ අවස්ථාව සලසා දෙන බවත් අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

    එහෙත් මේ වසරේ සිට සියළුම සිසුන්ට මෙරටදීම උසස් අධ්‍යාපන වරම් ලැබීමේ වැඩපිලි‍වෙලක් නව රජය ක්‍රියාත්මක කරන බවද පෙනවා දුන්නේය.

     

     

     

     

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya