අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    වතු කම්කරු වැටුප ඉහළට- වැවිලි සමාගම් වලට පාඩු සිදු වන්නේ නෑ-අමාත්‍ය රමේෂ් පතිරණ

    ජනවාරි 15, 2020

    මාර්තු මස 01 දින සිට ක්‍රියාත්මක වන පරිදි වතු කම්කරුවන්ගේ දෛනික වැටුප රුපියල් 1000 දක්වා ඉහළ දැමීමට රජය ගනු ලැබූ තීරණය හේතුවෙන් වැවිලි සමාගම් වලට පාඩුවක් සිදු නොවන බව වැවිලි කර්මාන්ත හා අපනයන
    කෘෂි අමාත්‍ය හා සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා පවසයි.

    රජය විසින් ලබා දී ඇති බදු සහන, නොමිලේ පොහොර ලබා දීම, වතු සමාගම් විසින් ලබාගෙන තිබෙන ණය වෙනුවෙන් සහන සැලසීම, නොමිලේ තේ පැළ සැපයීම ආදිය මඟින් වැවිලි සමාගම් වලට ප්‍රතිලාභ රැසක් හිමිවන බැවින් වතු කම්කරු වැටුප් වැඩි කිරීමෙන් සමාගම් වලට පාඩුවක් සිදු නොවන බවත්, මේ මඟින් වතුවල නිෂ්පාදනය වැඩි වන බවත් කැබිනට් තීරණ දැනුම්දීම සඳහා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (15) පැවති මාධ්‍ය හමුවේ දී ඇමතිවරයා කීය.

    දැනට වතුකම්කරුවන්ට ලැබෙන්නේ දිනකට රුපියල් 730 ක මුදලකි. නව වැටුප් වැඩිවීම මඟින් වතු කම්කරුවන් 150,000 කට පමණ සෙත සැළසෙනු ඇතැයි ද ඒ මහතා සඳහන් කළේය.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya