අප්‍රේල් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    2023 දී ජනගහනයේ සෞඛ්‍ය දත්ත දෛනිකව විමර්ශනය කළ හැකි ඩිජිටල් දත්ත පද්ධතික්-ආවරණය 100 % දක්වා ඉහළ නැංවීමට උපදෙස්

    ජනවාරි 15, 2020

    2023 දී වයස අවු 35 ට වැඩි ජනගහනයෙන් 63% ක සෞඛ්‍ය දත්ත දෛනිකව විමර්ශනය කළ හැකි ඩිජිටල් දත්ත පද්ධති වැඩසටහනේ එම ආවරණය 100 % දක්වා ඉහළ නැංවීමට කටයුතු කරන මෙන් සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබේ.

    බෝ නොවන රෝග අවදානම වැඩි වශයෙන් ඇති වන්නේ පුද්ගලයෙකුගේ වයස අවු 35 ඉක්මවා ගිය විටය. වසර 2023 වන විට ශ්‍රී ලංකාවේ සියළුම වයස අවු 35 ට වැඩි පුද්ගලයින් පරික්ෂාකර, ඔවුන්ගේ බෝ නොවන රෝග වලට ඇති අවදානම හඳුනා ගැනීමට කඩිනම් විශේෂ වැඩ පිළිවෙලක් සකස් කිරීමට කටයුතු කළ යුතු බවට සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය සේවා අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය ප්‍රාථමික සෞඛ්‍ය සේවා පද්ධතිය සවි බල ගැන්වීමේ ව්‍යාපෘතියේ ප්‍රගතිය සොයා බැලීම සඳහා එහි ව්‍යාපෘති අධ්‍යක්ෂ වෛද්‍ය ජයසුන්දර බණ්ඩාර මහතාගේ ද සහභාගීත්වයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී පැවැති විශේෂ සාකච්ඡාවකට එක්වෙමින් ප්‍රකාශ කළේය.

     

    දිවයින පුරා විසිරී ඇති ප්‍රාථමික සෞඛ්‍ය සේවා සපයන දහසකට වැඩි රෝහල් හා සෞඛ්‍ය ආයතන සියල්ල 2023 වන විට පරිගණක ජාල ගත කරණය කෙරේ. දැනටමත් රෝහල් ගණනාවක්ම මෙම පද්ධතියට අඩංගු කර ඇත. එසේම මෙම රෝහල් වල බෝ නොවන රෝග අවදානම හඳුනා ගැනීම පිණිස අවශ්‍ය පරීක්ෂා කිරීම මෙන්ම අවදානම අඩුකර ගැනීමට අවශ්‍ය උපදෙස් හා ප්‍රතිකාර සේවා ක්‍රියාත්මකය. අප රටට දැඩි තර්ජනයක් වී ඇති පිළිකා, හෘදයාබාධ, දියවැඩියාව ,අධි රුධිර පීඩනය ආදී බෝ නොවන රෝග වලට ජනතාව ලක්වීමට ඇති අවදානම කල් තබා හඳුනා ගැනීමේ දීප ව්‍යාප්ත සේවාවක් දිවයිනේ ක්‍රියාත්මක වන්නේ ප්‍රථම වතාවටයි.

     

    ප්‍රාථමික සෞඛ්‍ය සේවා පද්ධතිය සවි බල ගැන්වීමේ ව්‍යාපෘතිය සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 200 ක ප්‍රතිපාදන වෙන් කර ඇත. ලෝක බැංකු විශේෂ ව්‍යාපෘතියක් ලෙස මෙම වැඩ පිලිවෙළ ක්‍රියාත්මකය. වසර 2023 දී අප රටේ වයස අවු 35 ට වැඩි ජනගහනයෙන් 63% ක්, සම්පූර්ණයෙන් මෙම ආවේක්ෂණ වැඩසටහනට ඇතුලත් කර ගැනීමට හැකි වුවත්, එම ආවරණය 100% දක්වා වැඩි කිරීමට කඩිනම් ක්‍රියා මාර්ග ගන්නැයි ව්‍යාපෘති අධ්‍යක්ෂ වෛද්‍ය ජයසුන්දර බණ්ඩාර මහතා වෙත එම සාකච්ඡාවේදී උපදෙස් දෙමින් සෞඛ්‍ය අමාත්‍යවරිය සඳහන් කළාය. ගරු ජනාධිපතිතුමාගේ උපදෙස් මත ක්‍රියාත්මක නිරෝගි ඵලදායි පුරවැසියෙකු බිහි කිරීමේ ජාතික වැඩසටහනේ ප්‍රධාන වැඩ කොටසක් ඉටු කිරීමට ප්‍රාථමික සෞඛ්‍ය සේවා පද්ධතිය සවිබල ගැන්වීමේ ව්‍යාපෘතිය සූදානම් විය යුතු බවද ඇය සඳහන් කළාය.

     

    වස විසෙන් තොර කාබනික ආහාර වගාව ප්‍රචලිත කිරීමේ ව්‍යාපෘතියක් ද පාන් පිටි වෙනුවට හාල් පිටි ප්‍රචලිත කිරීමේ ව්‍යාපෘතියක් ද මෙම රෝහල් හා සෞඛ්‍ය ආයතන දහසකට වැඩි ජාලය ඔස්සේ ආරම්භ කෙරේ. දැනටමත් පිෂ්ඨය අධික ලූණු හා සීනි අධික ආහාර වලට ඇබ්බැහි වීමෙන් දරුවන් ගලවා ගැනීමත් තරුණ තරුණියන් මතට දුමට හා අනෙකුත් සෞඛ්‍යයට අහිතකර චර්යාවන්ට යොමු වීම වැලැක්වීමටත් ප්‍රාථමික සෞඛ්‍ය සේවා පද්ධතිය සවිබල ගැන්වීමේ ව්‍යාපෘතිය යටතේ "සුව සේවා මිතුරෝ” ස්වේච්ඡා සංවිධානය ද ආරම් කිරීමට නියමිතය. එහි සාමාජිකත්වය ලබා ගැනීමට ඉදිරියේ දි අප රටේ දරුවන්ට, තරුණ තරුණියන්ට, ආරාධනා කරන බව ද සෞඛ්‍ය අමාත්‍යතුමිය මෙහි දී සඳහන් කළාය.

     

    ප්‍රාථමික සෞඛ්‍ය සේවා පද්ධතිය සවි බල ගැන්වීමේ ව්‍යාපෘතිය සඳහා ලබාදෙන ඇමරිකානු ඩොලර් මිලියන 200 මෙන් සිය දහස් ගුණයක සෘජු සහ වක්‍ර ප්‍රතිලාභ මාතෘ භූමියට ලබා දීමට ව්‍යාපෘති අධ්‍යක්ෂවරයා වශයෙන් සිය කණ්ඩායම වෙනුවෙන් සපථ කරන බව මෙම සාකච්ඡාවේදී අදහස් දැක්වූ ප්‍රාථමික සෞඛ්‍ය සේවා පද්ධතිය සවි බල ගැන්වීමේ ව්‍යාපෘති අධ්‍යක්ෂ වෛද්‍ය ජයසුන්දර බණ්ඩාර මහතා සඳහන් කරන ලදි.

     

    මෙම අවස්ථාවට සෞඛ්‍ය ලේකම් භද්‍රානි ජයවර්ධන මහත්මිය ද එක්ව සිටියහ

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya