අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    තුරුමිතුරු නව රටක් තුරුලිය ව්‍යාපෘතිය ඇරඹේ

    ජනවාරි 14, 2020

    යුද්ධ හමුදාව අනාගතයේ ඇතිවිය හැකි ඕනෑම තර්ජනයකට මුහුණ දිය හැකි පරිදි තම පුහුණුවීම් කටයුතු අඛණ්ඩව සිදු කරන බවත් රටේ සහ ජනතාවගේ උපරිම ආරක්ෂාව තහවුරු කර ඇති බවත් වැඩබලන ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ,යුද්ධ හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසීය.

    හමුදාපතිවරයා මේ බව පැවසුවේ අද(14) උදෑසන පැවති තුරුමිතුරු නව රටක් තුරුලිය ව්‍යාපෘතියට එක්වෙමිණි.

    යුධ හමුදාව තම රාජකාරිය කරන අතරම සමාජ මෙහෙවරක් වශයෙන් තුරු මිතුරු නව රටක් වැඩසටහන ක්‍රියාත්මක කරන බවත් වන ඝනත්වය වැඩි කිරිම, ඔක්සිජන් ප්‍රමාණය වැඩි කිරිම වගේම අලංකාරය වැඩි කිරීම මෙහි අරමුණ බවත් ඒ මහතා වැඩිදරටත් සඳහන් කළේය.

    මධ්‍යම පරිසර අධිකාරී කාර්යාල මංසධියේ සිට නව යුද්ධ හමුදා මූලස්ථානය දෙසට දිවෙන මාර්ගය දෙපස මී ඇතුළු ගස් වර්ග රාශියක් සිට වූ අතර මෙහි පළමු අදියර යටතේ පසුගිය දෙසැම්බර් මස 23 දින බත්තරමුල්ල ඩෙන්සිල් කොබ්බෑකඩුව මාර්ගය දෙපස අරලිය පැල 170ක් රෝපණය කෙරිණ. මෙම ව්‍යාපෘතිය සියලුම යුද හමුදා කඳවුරුවල ද ක්‍රියාත්මකය.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya