අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සෞඛ්‍ය ඇමතිනීය සහ ගෝලීය අරමුදලේ ව්‍යාපෘති අධ්‍යක්ෂවරිය අතර හමුවක් 2020 – 2022 සෞඛ්‍ය ව්‍යාපෘති සදහා යුරෝ මිලියන 20ක මුදලක්

    ජනවාරි 13, 2020

    සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය සේවා, කාන්තා හා ළමා කටයුතු සහ සමාජ ආරක්ෂණ අමාත්‍යපවිත්‍රා වන්නිආරච්ච් මහත්මිය හා ජීනිවා ගෝලීය අරමුදලේ ව්‍යාපෘති අධ්‍යක්ෂිකා ඉංජිනේරු පුබුදු ද සොයිසා මහත්මිය අතර හමුවක් පසුගියදා සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී සිදු විය.

    මෙහිදී ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ ගුණාත්මකභාවය ඉහළ නැංවීමට හා සෞඛ්‍ය දර්ශක ඉහළ නැංවීමට විවිධ ව්‍යාපෘති ක්‍රියාවට නංවමින් ගෝලීය අරමුදල දක්වන ලද දායකත්වයට සහ ගෝලීය අරමුදලේ ව්‍යාපෘති අධ්‍යක්ෂ ලෙස සහ රෝටරි සමාජයේ සාමාජිකාවක් ලෙස පුබුදු ද සොයිසා මහත්මිය විසින් සිදු කරනු ලබන මෙහෙය සෞඛ්‍ය අමාත්‍යතුමියගේ ඇගයීමට ලක් විය.

     

    ගෝලීය අරමුදල මගින් ලංකාවේ ක්ෂය රෝගය, මැලේරියාව සහ ලිංගාශ්‍රිත රෝග පාලනය කිරීම සදහා 2003 වසරේ සිට වසර 18 ක පමණ කාලයක් පුරා රුපියල් බිලියන 18.3 ක මුදල් ආධාර අප රට වෙත මේ වනතෙක් ලබා දී ඇත. මෙම ව්‍යාපෘතියේ 2019 - 2021 ව්‍යාපෘතිය මේ වන විට ක්‍රියාත්මක වේ. සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ඉහත රෝග පාලනය හා ලංකාවෙන් තුරන් කිරීම සදහා ගෙනයනු ලබන ව්‍යාපෘති සදහා සහයෝගය දැක්වීම මෙම ව්‍යාපෘතියෙන් සිදු කරනු ලබයි. 2025 වනවිට HIV AIDS රෝගය මෙරටින් තුරන් කිරීමට ද 2030 දි ක්ෂය රෝගය මෙරටින් තුරන් කිරීමට ද මෙම ව්‍යාපෘතිය මගින් මුදල් ආධාර සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත ලබාදෙනු ලබයි.

     

    ගෝලීය අරමුදල මගින් ක්ෂය රෝගය පාලනය සහ රෝගීන් හදුනා ගැනීම සදහා Digital X-Ray යන්ත්‍ර, ජින් එක්ස්පර්ට් (Gene Expert) යන්ත්‍ර සහ ජංගම Digital X-Ray බස් රථයක් ඇතුලු උපකරණ රැසක් සහ ඖෂධ ලබා ගැනීම සදහා ආධාර ලබා දී ඇත. HIV AIDS රෝගය පාලනය අරමුණු කරගෙන ආසාදිතයින් හදුනා ගැනීම, පුනරුත්ථාපනය සහ පරීක්ෂණ කටයුතු සදහා අවශ්‍ය උපකරණ, ඖෂධ ලබාගැනීම සදහා ද ආධාර ලබාදී ඇති අතර රාජ්‍ය නොවන සංවිධාන සමග එක්ව එම වැඩකටයුතු සාර්ථක කර ගැනීම සදහා ද මුදල් ආධාර ලබාදෙනු ලබයි.

     

    මීට අමතරව ගෝලීය අරමුදල මගින් ජර්මන් රජයේ සහයෝගය ඇතිව යුරෝ මිලියන 20 ක මුදලක් 2020 – 2022 කාල පරිච්ඡේදය සදහා ලබාදීමට බලාපොරොත්තු වන බවත්, ඒ දිවයිනේ සියලුම රෝහල් සහ රසායනාගාර නවීන තාක්ෂණයට අනුකූලව මනා සම්බන්ධතාවයක් ඇති කිරිම සහ නවීන Digital X-Ray 10 ක් ලබාදීම සදහා වන බවත් ගෝලීය අරමුදලේ ව්‍යාපෘති අධ්‍යක්ෂිකා ඉංජිනේරු පුබුදු ද සොයිසා මහත්මිය මෙම හමුවේ දී අවධාරණය කරන ලදි.

     

    මෙම ව්‍යාපෘතිවලට අදාලව ජාතික වැඩසටහන් සංවිධානය කරනු ලබන්නේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ ජාතික මැලේරියා මර්දන ව්‍යාපාරය, ජාතික ක්ෂය රෝග මර්දන වැඩසටහන සහ ජාතික ලිංගාශ්‍රීත රෝග මර්දන වැඩසටහනේ අධ්‍යක්ෂ හා අධක්ෂතුමියන්ලා විසිනි.

     

    අප රටේ සෞඛ්‍ය සේවාව නංවාලීම සදහා ගෝලීය අරමුදල ආධාර වශයෙන් ලබාදෙනු ලබන මුල්‍ය ආධාර සම්පූර්ණ වශයෙන්ම සෞඛ්‍ය සේවාව සදහා යෙදවීමට අවශ්‍ය කටයුතු සිදු කළ යුතු බව මෙම හමුවේ දී සෞඛ්‍ය අමාත්‍යවරිය පෙන්වා දුන් අතර, එම මුදල් නැවත හරවා නොයවා සියලු මුදල් සෞඛ්‍ය සේවාවේ උන්නතිය වෙනුවෙන් ක්‍රියාත්මක කරනු ලබන ව්‍යාපෘති සදහා යෙදවීමට නිලධාරීන් සමග එක්ව අවශ්‍ය සියලු කටයුතු සිදු කරන ලෙස සෞඛ්‍ය ලේකම් තුමිය වෙත උපදෙස් ලබා දෙනු ලැබීය. එමෙන්ම කාර්යක්ෂම හා කාර්යශුරව කටයුතු කරන ලෙසට අමාත්‍යාංශ නිලධාරීන්ට උපදෙස් ලබාදෙන ලෙස ද සෞඛ්‍ය අමාත්‍යවරිය සෞඛ්‍ය ලේකම්තුමියට උපදෙස් ලබාදෙන ලදි.

     

    ගෝලීය අරමුදලේ ව්‍යාපෘති අධ්‍යක්ෂ ඉංජිනේරු පුබුදු ද සොයිසා මහත්මිය රෝටරි ජාත්‍යන්තර ආයතනයේ කොළඹ ශාඛාවේ අවුරුදු 20 ක් පමණ ක්‍රියාකාරි සාමාජිකාවක් ලෙස කටයුතු කරනු ලබන අතර, එතුමිය සෞඛ්‍ය අමාත්‍යවරියට කරුණු දක්වමින් රෝටරි සමාජය සෞඛ්‍ය අමාත්‍යාංශය සමග අත්වැල් බැදගෙන මෙතෙක් කරන ලද ව්‍යාපෘති පිළිබදව සමාලෝචනයක් ද සිදු කරන ලදි. නාරාහේන්පිට පිහිටි පිළිකා කලින් හදුනා ගැනීම සහ මර්දනය කිරීම සදහා වන ආයතනය සහ එම ආයතනයේ ඉදිරි සංවර්ධන වැඩසටහන්, LRH රෝහලේ දරුවන් සදහා හෘද පටක බැංකුවක් ඉදිකිරිම සහ කුඩා දරුවන් සදහා නොමිලේ හෘද සැත්කම් සිදු කිරිම සදහා ආධාර ලබාදීම, සුනාමියෙන් හානියට පත් මහමෝදර මාතෘ රෝහට උපකරණ ලබා දී ප්‍රතිසංස්කරණ කටයුතු සිදු කිරීම ඇතුලු විවිධ ව්‍යාපෘති ගණනක් ක්‍රියාවට නංවා ඇති බව ද පෙන්වා දෙන ලදි. එමෙන්ම ලෝක සෞඛ්‍ය සංවිධානය සමග එක්ව 2030 වසරේ දී ගැබ්ගෙල පිළිකා තුරන් කරන පළමු රට බවට ලංකාව පත් කිරීමට රෝටරි සමාජය මේ වන විටත් රුපියල්මිලියන 120 ක් පමණ වටිනා COBAS HPS/DNA පරීක්ෂණයන්ත්‍රයක් සහ Test Kits යන්ත්‍රය ඇතුලුව US Dollar ලක්ෂ හාරසිය පනහක ව්‍යාපෘතියක් සදහා අත්සන් කර ඇති බවත් මාර්තු, අප්‍රේල් වන විට එම යන්ත්‍ර ලංකාවට ගෙන්වීමට බලාපොරොත්තු වන බව ද පැවැසීය. එය දිගුකාලීනව පවත්වාගෙන යාම සදහා මුදල් ප්‍රතිපාදන වෙන් කර ගැනිම පිළිබදව ද මෙහිදී සාකච්ඡා කෙරුනි.

     

    මෙම අවස්ථාවට සෞඛ්‍ය ලේකම් භද්‍රානි ජයවර්ධන මහත්මිය ද එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya