අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මත්තල හරහා සංචාරකයන් ගෙන්වා ගැනීමට ප්‍රවර්ධන වැඩසටහනක් කෙරෙහි දි විශේෂ අවධානය- ගුවන් තොටුපලේ මෙහෙයුම් කඩිනම් කිරීමට උපදෙස්

    ජනවාරි 13, 2020

    මත්තල රජපක්ෂ ජාත්‍යන්තර ගුවන් තොටුපළේ ගුවන් ගමන් හා අනෙකුත් මෙයෙහුම් කඩිනමින් ආරම්භ කරන ලෙස කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන් සේවා ඇමති ප්‍රසන්න රණතුංග මහතා බලධාරීන්ට උපදෙස් දෙයි.

    මුලින් ම මත්තල ගුවන් තොටුපළේ ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ ගුවන් ගමන් මෙහෙයුම් අරඹන බවත් ඒ අතරතුර සෙසු ජාත්‍යන්තර ගුවන් සමාගම් සමගද සාකච්ඡා කර එම සමාගම් වල ගුවන් යානා මත්තලට ගෙන්වා ගැනිමට වැඩ පිළිවෙලක් සකස් කරන ලෙසත් ඇමතිවරයා ගුවන් තොටුපල හා ගුවන් සේවා සමාගමේ බළධාරින්ට උපදෙස් දුන්නේය.

    මතත්ල රාජපක්ෂ ජත්‍යන්තර ගුවන් තොටුපල (MIRA) ක්‍රියාත්මක ගුවන් තොටුපලක් බවට පත් කිරීම සදහා ගත යුතු පියවර සම්බන්ධයෙන් ඇමති ප්‍රසන්න රණතුංග මහතා හා ගුවන් තොටුපල බළධාරින් අතර පසුගිය සිකුරාදා (08) පැවති සාකච්ඡාවක දි ඇමතිවරයා කීවේ ඉතා ඉක්මණින් මත්තල ක්‍රියාත්මක ජාත්‍යන්තර ගුවන් තොටුපළක් බවට පත් කිරීම රජයේ අපේක්ෂාව බවයි.

    මත්තලට පැමිනෙන ගුවන් සමාගම් සදහා ගුවන් තොටුපළ සේවා ගාස්තු වෙනුවෙන් සහන ලබා දිම පිළිබදවද මෙහි දි දීර්ඝ ලෙස සාකච්ඡා කෙරිණ. ඇමතිවරයා සදහන් කළේ ඒ සදහා කැබනට් අනුමැතිය ද ලබා ගැනිමට පියවර ගන්නා බවයි. ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය, සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය සහ හෝටල් හිමියන්ගේ සංගමය සදහා මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන් තොටුපල හරහා සංචාරකයන් ගෙන්වා ගැනීම සදහා ප්‍රවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කිරිම කෙරෙහි දි ඇමතිවරයාගේ විශේෂ අවධානය යොමු විය.


    මත්තල ගුවන් තොටුපළ ආශ්‍රිතව ගුවන් යානා අලුත්වැඩියා අංගනයක්, පුහුණු පාසලක් ආරම්භ කිරිමට ද මෙහි දි යෝජනා වු අතර ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ ගුවන් යානා ඉංජිනේරු සංගමය ඇමතිවරයා සමග කළ සාකච්ඡාවක දි මෙම අලුත්වැඩියා අංගනය ඉදි කර පවත්වාගෙන යාමට කැමැත්ත පළ කර තිබිණි. ඇමති ප්‍රසන්න රණතුංග මහතා සදහන් කළේ ඊට අදාළ යෝජනාව ලැබුණු වහා ම ඒ සම්බන්ධයෙන් කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කර එය ක්‍රියාත්මක කිරිමට පියවර ගන්නා බවයි.

    පසුගිය මහින්ද රාජපක්ෂ රජය යටතේ හදුන්වා දුන් හම්බන්තොට සංවර්ධන සැලැස්ම නැවත ක්‍රියාත්මක කිරිමටත් හම්බන්තොට වරාය හා ගුවන් තොටුපළ අතර ඒකාබද්ධ මගී හුවමාරු වැඩසටහන් ක්‍රියාත්මක කිරීමේ හැකියාව පිළිබද ව සොයා බැලිමටත් මෙම සාකච්ඡාවේ දි තීරණය කෙරිණ. මත්තල ගුවන් තොටුපළ ආශ්‍රිතව ආයෝජන කලාපයක් ඉදිරිකිරිමටත් අවධානය යොමු ව ඇතැයි මෙහි දි පෙන්වා දුන් ඇමතිවරයා එය ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරණයේ රට හදන සෞභාග්‍ය යේ දැක්ම ප්‍රතිපත්තිමය වැඩසටහන මහින්ද යොජනා කර ඇතැයි කීවේය.

    මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන් තොටුපළ 2015 ට පෙර ක්‍රියාත්මක තත්ත්වයේ පැවති අතර ශ්‍රී ලංකන්, ඩුබායි, අරාබි වැනි ගුවන් සමාගම් වල ගුවන් මෙහෙයුම් එහි ක්‍රියාත්මක විය. එහෙත්  2015 යහපාලන රජය පත්වීමත් සමග එම ගුවන් යානා මත්තලට පැමිණීම නතර කර දැමිණි. 2014 දි ගුවන් මගීන් 40,386 මත්තල ගුවන් තොටුපලින් සේවාව ලබා ගෙන ඇති අතර 2019 දි එම සංඛ්‍යාව 1536ක් විය. 2014 දි මෙට්‍රික් ටොන් 214 ක භාණ්ඩ මෙහෙයුම් මත්තල ගුවන් තොටුපල මගින් සිදු කර තිබේ. එහෙත් පසුගිය වසරේ මත්තල ගුවන් තොටුපළේ භාණ්ඩ මෙහෙයුම් කිසිවක් සිදු නොවු බව ද මෙහි දි අනාවරණය විය.

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya