ජනවාරි 28, 2020
tami eng youtube  twitter facebook

    ළමා ආරක්ෂණය පිළිබඳ ජාතික ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම සඳහා ක්‍රියාකාරී සැලැස්මක්

    ජනවාරි 12, 2020

    ළමා ආරක්ෂණය පිළිබඳ ජාතික ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම සඳහා ක්‍රියාකාරී සැලැස්මක් සකස් කිරීම පිළිබඳව විශේෂ සාකච්ඡාවක් 07වන දින කාන්තා හා ළමා කටයුතු සහ සමාජ ආරක්ෂණ අමාත්‍යාංශයේ ලේකම් ඒ. එස්. එම්. එස්. මහානාම මහත්මියගේ ප්‍රධානත්වයෙන් හා ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ සභාපති මහාචාර්ය මුදිත විදානපතිරණ මහතාගේ ප්‍රධානත්වයෙන් අමාත්‍යාංශ ශ්‍රවනාගාරයේදී පැවැත්විය.

    එහිදී ළමා ආරක්ෂණය පිළිබඳ ජාතික ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම සඳහා 2020 – 2025 පස් අවුරුදු ක්‍රියාකාරී සැලැස්මක් සකස් කිරීම පිළිබඳව අවධානය යොමු විය. මෙම සාකච්ඡාව සඳහා අමාත්‍යාංශ 14ක අමාත්‍යාංශ ලේකම්වරුන් නියෝජනය කරමින් නියෝජිතයින් සහභාගී විය.

    අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ “සෞභාග්‍යයේ දැක්ම” ප්‍රතිපත්ති ප්‍රකාශයෙහි අන්තර්ගත “නැණ බල සහිත ළමා පරපුරක්” යටතේ රටේ සියළු දරුවන්ට ජාත්‍යන්තර ළමා අයිතිවාසිකම් ප්‍රඥප්තිය අනුව ළමා ආරක්ෂණය සම්බන්ධයෙන් හිමි වියයුතු වරප්‍රසාද හා අයිතිවාසිකම්වලට ඇති හිමිකම සහතික කිරීමේ අපේක්ෂාවෙන් යුතුව මෙම ළමා ආරක්ෂණය පිළිබඳ ජාතික ප්‍රතිපත්තිය සම්පාදනය කර තිබේ.

    ළමා ආරක්ෂණය පිළිබඳ ජාතික ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමට අදාළ මෙම පස් අවුරුදු ක්‍රියාකාරී සැලැස්ම සැකසීම සඳහා අවශ්‍ය වන අමාත්‍යාංශ සම්බන්ධීකරණ කටයුතු හා අධීක්ෂණ කටයුතු ජාතික ළමා ආරක්ෂක අධිකාරිය මගින් සිදු කරනු ලබයි.

     

     

     

     

     

     

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya