මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මහපොළ අරමුදල දෙගුණ කරගැනීමට පියවර- අමාත්‍යවරයාගේ පාර්ලිමේන්තු වැටුපෙන් 10%ක් මහපොළ අරමුදලට

    ජනවාරි 11, 2020

    වසර පහ ඇතුළත මහපොළ අරමුදල දෙගුණ කරගැනීමට වැඩපිළිවෙලක් ක්‍රියාවට නංවන බව  තොරතුරු සහ සන්නිවේදන ̦ උසස් අධ්‍යාපන, තාක්ෂණ සහ නවෝත්පාදන අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

    රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද(11) උදෑසන පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් මේ බව පැවසූ අමාත්‍යවරයා පැවසුවේ මහපොළ සහ ශිෂ්‍යාධාර වැඩි කිරීම ඇතුළු ඉල්ලීම් 06ක් මුල් කර ගනිමින් පසුගිය දා උද්ඝෝෂණය කළ සරසවි සිසුන්ට කදුළු ගෑස්, ජල ප්‍රහාර බැටන් ප්‍රහාර නොමැතිව ජනපති කාර්යාලය අභියසට පැමිණිමටත්, සිය ගැටළු පිළිබඳව සාකච්ඡා කිරීමටත් ප්‍රථමවරට අවස්ථාව ලබා දුන් බවයි.

    නමුත් මේ මොහොතේ මහපොළ ශිෂ්‍යධාර වැඩිකිරීමට අපහසු බවත් ජනාධිපතිතුමාගේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ සඳහන් පරිදි ඉදිරි මැතිවරණයෙන් පසු ඉදිරිපත් කරන නව අය වැයෙන් මහ පොළ ශිෂ්‍යාධාර වැඩි කිරීමට අවශ්‍ය පියවර ගන්නා බවත් අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කර සිටියේය.

     එහෙත් මෙම වසරේ ජනවාරි මස සිට සෑම මසකම 15 වන දින වන විට එම ශිෂ්‍යධාර මුදල් සිසුන්ට ලබා දීමට පියවර ගන්නා බවට උසස් අධ්‍යාපන අමාත්‍යවරයා අවධාරණය කර සිටියේය.

    පසුගිය නොවැම්බර් සහ දෙසැම්බර් මස ශිෂ්‍යාධාරද මේ වන තෙක් ලබා නොදීම පිළිබඳව මාධ්‍යවේදියෙකු විසින් නැගූ පැනයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා සඳහන් කර සිටියේ එම හිග මුදල් මෙම සතිය තුළ ගෙවීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගෙන ඇති බවත් ඒ සඳහා අග්‍රාමාත්‍යවරයා භාණ්ඩාගාරයට අවශ්‍ය උපදෙස් ලබා දී ඇති බවයි.

    පසුගිය රජය විසින් මහපොළ ශිෂ්‍ය අරමුදල වැඩි කිරීම සඳහා කිසිදු වැඩපිලිවෙලක් ක්‍රියාත්මක කර නොමැත. මහපොළ අරමුදලේ රුපියල් බිලියන 10.05ක් තිබෙන අතර ඉන් රුපියල් බිලියන දෙකක පමණ වංචාවක් සිදු වී ඇති බවත් මේ පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කර ඇති බවත් අමාත‍්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියේය.

    එහෙත් ඉදිරි වසර 05 තුළ මහපොළ ශිෂ්‍ය අරමුදල දෙගුණ කර ගැනීම සඳහා ජාතික වැඩපිළිවෙලක් ආරම්භ කෙරේ. ඒ අනුව අදියර කිහිපයක් ඔස්සේ මෙම වැඩපිළිවෙල ක්‍රියාවට නැංවේ. එහි පළමු අදියර යටතේ ගම් නියම් ගම් වල මහපොළ ලොතරැයිය අලෙවි කර අරමුදල් සොයා ගැනීමට බලාපොරොත්තු වේ. දිස්ත්‍රික්ක 25 තුළ මහපොළ වෙළඳ ප්‍රදර්ශනය පැවැත් වීමටද එමගින් මහපොළ අරමුදල තර කර ගැනීමටද සැළසුම් කර ඇති අතර මහපොළ ශිෂ්‍යාධාර ලබා ගනිමින් උසස් තනතුරු සහ වැටුප් ලබන දෙස් විදෙස් විශ්ව විද්‍යාල සිසුන්ගෙන්ද මෙම අරමුදල සඳහා online ක්‍රමයට අධාර ලබා ගැනීමට බලාපොරොත්තු වේ. දැනට විශ්ව විද්‍යාල වල සති අන්තයේ පවත්වන පෞද්ගලික පාඨමාලා වලින් ලැබෙන අදායමෙන් කොටසක්ද මෙම අරමුදල සඳහා යොදා ගැනීමට අපේක්ෂා කෙරේ.

    තවද රටේ දුවා දරුවන්ගේ අනාගතය වෙනුවෙන් ස්වකැමැත්තෙන් මේ සඳහා දායක විය හැකි බවද බන්දුල ගුණවර්ධන මහතා අමාත්‍යවරයා සඳහන් කළේය.

    පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස තමාට ලැබෙන වැටුපෙන් 10%ක මුදලක් මෙම අරමුදලට පරිත්‍යග කරන බවද උසස් අධ්‍යාපන අමාත්‍යවරයා කීය

     

     

     

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya