අප්‍රේල් 23, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ව්‍යාපාරිකයාත්, ව්‍යාපාරත්, සමස්ත ජනතාවත් ආරක්ෂා කරමින්‍ රට ආර්ථිකව නගා සිටුවීමට ආණ්ඩුවක් වශයෙන් කටයුතු කරනවා - රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ

    ජනවාරි 10, 2020

    ශ්‍රී ලංකා පොදුජන ව්‍යාපාරික පෙරමුණේ විශේෂ හමුවක් එහි සභාපති මහවැලි සංවර්ධන රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් (09) කොළඹ දී පැවත්විණි.

    මෙම අවස්ථාවට ශ්‍රී ලංකා පොදුජන ව්‍යාපාරික පෙරමුණේ රේඛීය එකමුතු වන සමස්ත ලංකා සුළු හා මධ්‍ය පරිමාණ වී මෝල් හිමියන්ගේ සංගමය, සුළු ව්‍යාපාරිකයන්ගේ සංගමය ආදී සංගම්වල සාමාජිකයන් ද එක්ව සිටියහ.

    වත්මන් ජනාධිපතිතුමාගේ සහ අග්‍රාමාත්‍යතුමාගේ නායකත්වය යටතේ ප්‍රතිඅපනයනය අත් හිටුවා මෙරට ව්‍යාපාර රැක ගැනීමට කටයුතු කළ බවත්, ව්‍යාපාරිකයන්ට හා ජනතාවට මෙතෙක් දරාගැනීමට නොහැකි වූ බදු බර අඩු කරමින් විශාල සහනයක් ලබා දීමට කටයුතු කළ බවත්, නව ආණ්ඩුව යටතේ ඉදිරියේ දී ත් ව්‍යාපාරිකයාත්, ව්‍යාපාරත්, සමස්ථ ජනතාවත් ආරක්ෂා කරමින්‍ රට ආර්ථිකව නගා සිටුවීමට කටයුතු කරන බව රාජ්‍ය අමාත්‍යවරයා මෙහි දී අදහස් දක්වමින් කියා සිටියේය.

    මෙහි දී රට ආර්ථිකව නගා සිටුවීමට අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමන් වෙත ව්‍යාපාරික පෙරමුණක් ලෙස උපරිම දායකත්වය ලබාදෙන ආකාරය දීර්ඝව සාකච්ඡා කෙරුණු අතර, විවිධ කර්මාන්ත හා ආර්ථික ක්‍ෂේත්‍රයන් හි මෙතෙක් පවතින ගැටළු කෙරෙහි ද අවධානය යොමු කෙරිණි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya