මාර්තු 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ‘හතේ අපේ පොත’ නැමැති ග්‍රන්ථය ගැන අවසන් තීරණය ගැනීමට රැස්වීමක්

    ජනවාරි 10, 2020

    මේවන විට ආන්දෝලනයකට ලක්ව ඇති හතේ අපේ පොත නැමැති ග්‍රන්ථය පිළිබද අවසන් තීරණයක් ගැනීම සදහා අධ්‍යාපන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතාත් සෞඛ්‍ය ඇමතිනි පවිත්‍රා වන්නිආරච්චි මහත්මියත් කැදවා පාර්ලිමේන්තුවේ දී ලබන ජනවාරි 21 වැනිදා විශේෂ රැස්වීමක් පැවැත්වීමට පාර්ලිමේන්තුවේ අධ්‍යාපන සහ මානව සම්පත් සංවර්ධනය පිළිබද ආංශික අධීක්ෂණ කාරක සභාව සහ කාන්තා සහ ස්ත්‍රී පුරුෂ සමාජ භාවය පිළිබද ආංශික අධීක්ෂණ කාරක සභාව  තීරණය කළේය.

    පාර්ලිමේනතුවේදී අද පැවති මෙම කමිටුවල ඒකාබද්ධ රැස්වීමට මහා සංඝරත්නය විශේෂඥ වෛද්‍යවරුන් ,විශ්ව විද්‍යාල මහාචාර්යවරුන් අධ්‍යාපනඥයන් ,ජාතික ළමාරක්ෂක අධිකාරියේ නිලධාරීන්,අධ්‍යාපන අමාත්‍යාංශයේ නිලධාරීන් ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියහ.

    මෙහිදී අදහස් දැක්වු විද්වතුන් බොහෝ දෙනෙක් ළමා වියේදීම නවයොවුන් දරුවන්ට ලිංගික අධ්‍යාපනයක් ලබා දිය යුතු බව පෙන්වා දුන් අතර මේ සම්බන්ධව සෞඛ්‍ය අමාත්‍යාංශය සහ විශ්ව විද්‍යාල විසින් සිදු කළ සමීක්ෂණ රැසක තොරතුරු ද ඉදිරිපත් කරන ලදී.
    ඒඅනුව හතේ අපේ පොත නැමැති ග්‍රන්ථය නැවත පාසැල්වලට නිකුත් කළ යුතු බවට යෝජනා වු අතර මේ සම්බන්ධව අවසන් තීරණය ලබන 21වනදා ගනු ලබනු ඇත.මෙම පොත සම්බන්ධව විවේචන එල්ල කළ මහා සගරුවනට ද එදින රැස්වීමට ආරාධනා කිරීමට තීරණය කරන ලදී.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya