අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කොළඹ විශ්වවිද්‍යාලයේ සිසුවාට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් අපක්ෂපාතී පරීක්ෂණයක් සිදු කිරීමට උපදෙස්

    ජනවාරි 09, 2020

    සෑම ශිෂ්‍යයෙකුට ම බයෙන් හා සැකෙන් තොරව නිදහසේ අධ්‍යාපන ලබන්න,ඉඩ ප්‍රස්ථ ලබා දිය යුතුව තිබෙන බවත් කොළඹ විශ්වවිද්‍යාලයේ සිසුවාට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් අපක්ෂපාතී පරීක්ෂණයක් සිදු කිරීමට උපදෙස් ලබාදුන් බවත් අධ්‍යාපන,තාක්ෂණ හා නවෝත්පාදන අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

    කොළඹ විශ්වවිද්‍යාලයේ සිසුවෙකුට එම විශ්වවිද්‍යාලයේ ම ශිෂ්‍ය කණ්ඩයමක් විසින් පහරදීම හේතුවෙන් ජාතික රෝහලට ඇතුළත් කර තිබේ. එම සිසුවාගේ සුවදුක් විමසීමට උසස් අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා අද (9) කොළඹ, ජාතික රෝහලට ගියේ ය.

    එහිදී අමාත්‍යවරයා මාධ්‍යවෙත අඳහස් දක්වමින් මෙසේ පැවසීය.

    උසස් අධ්‍යාපන අමාත්‍යවරයා වශයෙන් යුතුකමක් හ වගකීමක් තිබෙනවා,විශ්වවිද්‍යාල තුළ කුල,වර්ණ,ලිංග,දේශපාලන භේදවලින් තොරව සෑම ශිෂ්‍යයෙකුට ම බයෙන් හා සැකෙන් තොරව නිදහසේ අධ්‍යාපන ලබන්න,ඉඩ ප්‍රස්ථ ලබා දිය යුතුව තිබෙනවා. විශ්වවිද්‍යාල තුළ ශිෂ්‍යයන්ට පහර දීම කෙරෙනවා නම්,ඒ සඳහා එක රටක් එක නීතියක් යටතේ, නීතියෙන් සමානාත්මතාවය සිදු විය යුතුයි. ලැබි ඇති පැමිණිලි අනුව පොලීසිය ක්‍රියා කරයි. විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවටත් විශ්වවිද්‍යාලයේ පාලන බල අධිකාරියටත් නියම කර තිබෙනවා,මේ සිද්ධිය පිළිබඳව අපක්ෂපතී පරීක්ෂ්ණයක් සිදු කරන ලෙස උපදෙස් ලබා දී තිබෙනවා යැයි පැවසීය.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya