අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මාලඹේ තාක්ෂණික ආයතනය නිරීක්ෂණයට- මාලඹේ තාක්ෂණික ආයතනය විශ්වවිද්‍යාල මට්ටමට

    ජනවාරි 09, 2020

    අධ්‍යාපන,තාක්ෂණ හා නවෝත්පාදන අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා, මාලඹේ තාක්ෂණික ආයතනය නිරීක්ෂණයට ලක්කළේ ය.

    එහිදී අමාත්‍යවරයා විසින් ආයතනයේ වත්මන් තත්ත්වය සම්බන්ධයෙන් සොයා බැලීමට කටයුතු කළේ ය. එහිදී අමාත්‍යවරයා මාධ්‍ය වෙත අඳහස් දක්වමින් සඳහන් කළේ මෙම ආයතනය විශ්වවිද්‍යාල මට්ටමට ගෙන ඒමට කටයුතු කරන බවය.

    එහිදී තවදුරටත් අඳහස් දැක්වූ අමාත්‍යවරයා;
    තාක්ෂණ ආයතනය විවිධ පාර්ශවයන්ට තාක්ෂණය හුවමාරු කිරීමට විශිෂ්ඨ සේවයක් කළ ආයතනයක්. මට අවශ්‍ය වුණා උපකරණ තිබෙන හැටි බලන්න. කබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කළ මූල්‍ය ප්‍රතිපාදන ලබාගන්න බලාපොරොත්තු වෙනවා. ආයතනය තත්ත්වය විශ්වවිද්‍යාල තත්ත්වයට උසස් කිරීමට වැඩපිළිවෙලක් සකස් කරනවා. මෙය විශාල සම්පතක්. මානව සම්පත් විශාල ප්‍රමණයක් නිර්මාණය කරන්න ඉඩ කඩ තිබෙනවා. තාක්ෂණය බෙදා දීමේ විශාල විශ්වවිද්‍යාලය බවට මාලඹේ මෙම ආයතනය පත් කිරීමට බලාපොරොත්තු වෙනවා යැයි පැවසීය.

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya