අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ලංගමයට ඉන්දියාවෙන් අළුත් බස්රථ 600 ක් ගැනීමට කැබිනට් අනුමැතිය

    ජනවාරි 09, 2020

    මහජනතාවට කාර්යක්ෂම හා සුව පහසු සේවයක් සැපයීම සඳහා ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට අලුතින් බස්රථ 600 ක් ඉන්දියාවෙන් මිලට ගැනීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කොට ඇත.

    ඒ අනුව ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ මීට පෙර මිලදී ගැනීමට අපේක්ෂා කළ බස්රථ වෙනුවට ආසන 30 – 35 නව බස්රථ 500 ක් සහ පසුපස උස් ආසන සහිත ආසන 42 – 45 නව බස්රථ 100 ක් මිලදී ගැනීමට ප්‍රවාහන සේවා කළමනාකරණ ඇමති මහින්ද අමරවීර මහතා ඉදිරිපත් කළ යෝජනාවකට ඇමති මණ්ඩලය අනුමැතිය ලැපුණු බව සම කැබිනට් ප්‍රකාශක ඇමති වෛද්‍ය රමේෂ් පතිරණ මහතා අද (09) පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී පැවසීය.


    මෙම බස්රථ නාගරික හා ග්‍රාමීය මාර්ගවලද අතුරු පාරවල්වලද යෙදවීමට අදහස් කොට ඇති බවද ඇමතිවරයා කීය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya