මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජනපති ජාතික රෝහලේ හදිසි නිරීක්ෂණයක

    ජනවාරි 09, 2020

    ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අද (09) දහවල් කොළඹ ජාතික රෝහලේ හදිසි නිරීක්ෂණ චාරිකාවක නිරත විය.

    බාහිර රෝගී අංශය වෙත ගිය ජනාධිපතිතුමා රෝගීන් සමග සුහද කථා බහක නිරත වෙමින් තොරතුරු සොයා බැලීය.
    රෝගීන්ගෙන් තම ගම් ප්‍රදේශ පිළිබඳ විමසූ ජනාධිපතිතුමා දුර බැහැර සිට පැමිණි රෝගීන් එසේ පැමිණීමට හේතු විමසීය. කොළඹින් පිටත රෝහල්වල පවතින ගැටළු පිළිබඳව ඔව්හු ජනාධිපතිතුමා දැනුවත් කළහ.

    ජාතික රෝහලේ පවතින ගැටලු පිළිබඳව ද ජනාධිපතිතුමා වෛද්‍යවරුන් හා කාර්ය මණ්ඩලය සමඟ සාකච්ඡා කළේය. ජනාධිපතිවරයාගේ මෙම හදිසි පැමිණීම සම්බන්ධයේ රෝහලෙන් ප්‍රතිකාර ලබාගැනීමට පැමිණි පිරිස් ප්‍රසාදය පළ කර තිබේ. එමෙන්ම මේ සම්බන්ධයෙන් සමාජ මාධ්‍යවලට ප්‍රසාදය පළ කළ සටහන් එක් කර තිබේ.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya