අප්‍රේල් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    හඬපට ගැන සොයන්න ජනධිපති කොමිෂමක් පත් කරන්න- අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ

    ජනවාරි 08, 2020

    මාධ්‍ය මඟින් මේ දිනවල ප්‍රචාරය වන පාර්ලිමේන්තු මන්ත්‍රි රංජන් රාමනායක මහතා හා විවිධ පුද්ගලයින්ගේ සමඟ සිදු වූ සංවාද ඇතුළත් හඬපට සම්බන්ධයෙන් සොයාබැලීමට විශේෂ ජනාධිපති කොමිෂමක් පත් කරන ලෙස ඉල්ලා ඇතැයි අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා අද (08) පැවැති මාධ්‍ය හමුවක දී පැවසීය.

    වැඩි දුරටත් අදහස් පළ කළ අමාත්‍යවරයා කියා සිටියේ,පසුගිය යහපාලන ආණ්ඩුව විසින් පිහිටවනු ලැබු කොමිෂන් සභා පිළිබඳව මේ වන විට කිසිදු විශ්වාසයක් නොමැති බවත්,මේ දිනවල මාධ්‍ය පුරා සංසරණය වන හඬපටවලින් ජනතාව තුළ අධිකරණයේ ස්වාධීනත්වය හා විස්වාසය පළුඳු විමේ අභියෝගයට ලක්ව ඇති බවත් අමාත්‍යවරයා පැවසීය.

    පසුගියදා ආන්දෝලනාත්මක හඩපට විශාල ප්‍රමාණයක් හිටපු අමාත්‍යවරයාගේ නිල නිවස තුළ තිබි අත්අඩංගුවට ගත් බවත් එහිදි රජයේ උසස් නිලධාරීන් හා විවිධ ක්ෂේත්‍රවල පුද්ගලයින්ගේ සංවාදය ඇතුළත් හඩපට එහි දි තිබී ඇති බවත් අමාත්‍යවරයා සඳහන් කළේ ය.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya