අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ගල්ෆ් ගැටුම්කාරී තත්ත්වය නිසා කොළඹ - ලන්ඩන් ගුවන් ගමන් මඟ වෙනස් කරයි

    ජනවාරි 08, 2020

    පර්සියානු ගල්ෆ් කලාපයේ පවතින උණුසුම් ගැටුම්කාරී තත්ත්වය හේතුවෙන් ආරක්ෂක පියවරක් ලෙස ඉරානයේ සහ ඉරාකයේ ගුවන් කලාපය ආසන්නයෙන් ගමන් කිරීම වළක්වා ගැනීම සඳහා ශ්‍රී ලංකන් ගුවන් සේවය සිය කොළඹ - ලන්ඩන් ගුවන් ගමන් මාර්ගය වහාම ක්‍රියාත්මක වන පරිදි වෙනස් කිරීමට කටයුතු යොදා තිබේ.

    තම ගුවන් සේවය මෙම තත්ත්වය සමීපව අධීක්ෂණය කරමින් සිටින අතර අදාළ ජාතික හා ජාත්‍යන්තර බලධාරීන් සමග සම්බන්ධ වෙමින් මගීන්ගේ සහ කාර්ය මණ්ඩලයේ ආරක්ෂාව සහතික කිරීම සඳහා කටයුතු කරන බව ශ්‍රී ලංකන් ගුවන් සේවය විසින් නිකුත් කොට ඇති නිවේදනයක දැක්වේ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya