අප්‍රේල් 23, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    යහපාලන ආණ්ඩුව අලුතින් එක විදුලි එකකයක්වත් නිෂ්පාදනය කළේ නෑ- අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ

    ජනවාරි 08, 2020

    යහපාලන ආණ්ඩුව වසර හතරක් පුරා අලුතින් විදුලිය නිෂ්පාදනය නොකිරිම හේතුවෙන් ලංකා විදුලි බල මණ්ඩලය රුපියල් බිලියන 622ක පාඩු ලබා ඇතැයි විදුලිබල රාජ්‍ය ඇමති හා රජයේ මාධ්‍ය ප්‍රකාශක මහින්දානන්ද අලුත්ගමගේ මහතා අද(08) පැවැති මාධ්‍ය හමුවක දී පැවසීය.

    විදුලිබල අමාත්‍යාංශය පසුගිය 2015 සිට මේ දක්වා විදුලි බල පද්ධතියට මේ දක්වා මෙගාවෝට් එකක්වත් එක් කර නොමැති බවත්,මේ හි දි සියලු ම ව්‍යාපෘති නවතා දමා, මැතිවරණයක් ආසන්න වන විට හදිසි විදුලි අවශ්‍යතාවයක් ලෙස සළකා වැඩි මිලට විදුලිය ලබා ගැනීමට කටයුතු කර ඇති බව සඳහන් කළේය.

    එක් විදුලි එකකයක මිල රුපියල් 33 ලෙසින් කැබිනට් අනුමැතිය ලබා ගෙන එක් විදුලි ඒකකයක් රුපියල් 62ක මුදලකට ලබා දී ඇතැයි ඇමතිවරයා වැඩිදුරටත් පැවසීය. මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ ආණ්ඩුව සමයේ සාම්පූර් බලාගාරය සෑදීමට සැලසුම් කර තිබූ බවත්,එය සාදා තිබුණේ නම් මේ වනවිට මොගාවොට් 500ක ධාරිතාවයක් විදුලි බල පද්ධතියට එක් වන බවත්ය සඳහන් කළ ඇමතිවරයා, මේ වන විට වැඩි මුදලට විදුලිය ගැනීමට සිදු ව තිබේ.

    මේ සම්බන්ධයෙන් සියලු තොරතුරු සොයා බලන බවත්,මේ සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කළ ද තමන් නීතිය අතට නොගන්නා බවත්,අධිකරණයේ ස්වාධීනත්වයට අත නොතියන බවත් ඇමතිවරයා වැඩිදුරටත් පැවසීය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya