අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අධිකරණය පිළිබඳව ජනතා විශ්වාසය බිඳ වැටිය හැකි බැවින් හඩපටවලට සම්බන්ධ පුද්ගලයින්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන්න-අමාත්‍ය විමල් වීරවංශ

    ජනවාරි 08, 2020

    හඬ පටවල අන්තර්ගත සංවාද හේතුවෙන් අධිකරණය පිළිබඳව මෙරට මහජනතාව තුළ පවතින විශ්වාසය බිඳ වැටිය හැකි බැවින් ඊට සම්බන්ධ පුද්ගලයින් වහාම අත් අඩංගුවට ගෙන නීතිය ක්‍රියාත්මක කළ යුතු බව අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසයි.

    අමාත්‍යවරයා මේ බව අද (8) පාර්ලිමේන්තුවේ දී මේ බව සඳහන් කළේ,නව රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශය සම්බන්ධයේ පාර්ලිමේන්තුවේ දී පැවැත්වෙන සභාව කල්තබන අවස්ථාවේ යෝජනාවේ විවාදයේ දී අඳහස් දක්වමිනි.
    ලක්ෂ 69කට අධික ජනතාව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙනුවෙන් ඡන්දය භාවිතා කළේ රටේ අභිවෘද්ධිය පිළිබඳ සිතා බව කීය.

    එක්සත් ජාතික පක්ෂය සිංහල ජාතිය හෑල්ලු කරමින් විවිධ බලවේගයන්ට යටත්ව ක්‍රියා කළ බවත් කී අමාත්‍යවරයා, නීතිය අවභාවිතා වූ අකාරය සම්බන්ධයෙන් සාක්ෂි රැසක් මේ වනවිට හඩ පට ඔස්සේ එළි වෙමින් පවතින බව පැවසීය. එම හඬ පටවල අන්තර්ගත සංවාද හේතුවෙන් අධිකරණය පිළිබඳව මෙරට මහජනතාව තුළ පවතින විශ්වාසය බිඳ වැටිය හැකි බැවින් ඊට සම්බන්ධ පුද්ගලයින් වහාම අත්අඩංගුවට ගෙන නීතිය ක්‍රියාත්මක කළ යුතු බව ද අමාත්‍යවරයා සඳහන් කළේ ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya