අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජනතාවගේ ආර්ථික පුනර්ජීවනයක් වෙනුවෙන් කටයුතු කරනවා- බංකොලොත් ආර්ථිකය ජනතාව ප්‍රතික්ෂේප කළා- සභානායක අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන

    ජනවාරි 08, 2020

    රටට ජනතාවට සංවර්ධනය ගෙන යන විශ්වසනීය මාවත ආරම්භ කර තිබෙනවා. බංකොලොත් ආර්ථිකය ජනතාව ප්‍රතික්ෂේප කළා.අලුත් රැකියා අවස්ථා ලබාදීමට කටයුතු කරද්දි එය හෙළා දකිමින් අවමානයට ලක් කරන්න එපා යැයි සභානායක අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසයි.

    අමාත්‍යවරයා මේ බව අද (8) පාර්ලිමේන්තුවේ දී මේ බව සඳහන් කළේ,නව රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශය සම්බන්ධයේ පාර්ලිමේන්තුවේ දී පැවැත්වෙන සභාව කල්තබන අවස්ථවේ
    යෝජනාවේ විවාදයේ දී අඳහස් දක්වමිනි.

    විරුද්ධ පක්ෂය ඉල්ලු විවාදය අප ලබාදුන්නා.69 ලක්ෂය ජනවරමක් ලබා ගෝඨාභය රාජපක්ෂ මහතා පත් වුණේ, ජාතික නිදහස හා ස්වාධීනත්වය ආරක්ෂා කිරීමට සම්බුද්ධ ශාසනය අනෙක් ආගම් ආරක්ෂා කිරීමට, ජනතා සංවර්ධනයක් ඉදිරියට ගෙන යෑමටයි. ලබාදුන්නේ කඩා වැටුණු ආර්ථිකයක්. ඒ නිසා ජන වරම ඔබ ගෙදර යැවීමට කටයුතු කළා. නොබැදුනු මිත්‍ර විදේශ ප්‍රතිපත්තියක් ඇති කරනවා. රටට ජනතාවට සංවර්ධනය ගෙන යන විශ්වසනීය මාවත ආරම්භ කර තිබෙනවා.

    අපේ රටේ ස්වාධීනත්වය වෙනුවෙන් කැපවෙන බව සහතික කළා. පර්ලිමේන්තුවක් හැටියට රටේ ජනතාවගේ විශ්වාසය දිනා ගැනීමට ජනාධිපතිතුමා මඟ පෙන්වන බව කිව්වා. පාර්ලිමේන්තුවට හංගලා සමහර ගිවිසුම් අත්සන් කළා. ඒ නිසා ආර්ථිකය කඩා වැටීමකට පත් වුණා.ගමේ ජනතාවගේ ආර්ථිකය සෑම ක්ෂේත්‍රයක් ම කඩා වැටීම ආරම්භ වුණා. ජාවාරම්කරුවන්ගේ කෙළි බිමක් බවට රට පත් කළා. පාර්ලිමේන්තු මහ මැතිවරණයකට අප ගමන් කරනවා.

    විශාල ලෙස බදු සහනය නිසා ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ඇස් ඇරිලා. කර්මාන්ත ක්ෂේත්‍රය අලුතෙන් පටන් ගන්න හැකි වෙලා. ජන ජීවිතය රඳා පවතින්නේ නිෂ්පාදනය ආදායම රැකියා මතයි. එය  විනාශ කිරීමෙන් ආර්ථිකය කඩා වැටෙනවා. බංකොලොත් ආර්ථිකය ජනතාව ප්‍රතික්ෂේප කළා. ප්‍රති ත්‍රස්ත පනතට සෑම තැනකින් ම විරෝධය පල කළා.ජනාධිපතිතුමා එම කෙටුම්පත ඉවත්  කර ගත්තා. දේශපාලන වෛරය මත එදා අඛණ්ඩව කටයුතු කළා. සංවර්ධනය ගමන් මඟ ශක්තිමත් කරන්නට සහයෝගය දැක්වීමයි ඔබට සඳහන් කරන්නේ.අලුත් රැකියා අවස්ථා ලබාදීමට  කටයුතු කරද්දි එය හෙළා දකිමින් අවමානයට ලක් කරන්න එපා. මැතිවරණ ප්‍රතිසංස්කරණයකට ඉදිරියේ දී ගමන් කරනවා. ජනපති ප්‍රධාන රජය පාර්ලිමේන්තු මැතිවරණය හැකි ඉක්මනින් පැවැත්වීමට ජනාධිපතිතුමා ඒ සඳහා තීරණයක් ගනියි.අප ජනතාවගේ ආර්ථික පුනර්ජීවනයක් වෙනුවෙන් කටයුතු කරනවා යැයි අමාත්‍යවරයා පැවසීය.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya