අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    වෝහාරික විගණන වාර්තා මන්ත්‍රීවරුන්ට නිකුත් නොකරන්නැයි නීතිපති උපදෙස්

    ජනවාරි 07, 2020

    ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කරන ලද බැඳුම්කර සම්බන්ධයෙන් විමර්ශනය කර වාර්තා කිරීම පිණිස පත් කරන ලද ජනාධිපති කොමිසමේ නිර්දේශ අනුව සිදු කරන ලද වෝහාරික විගණන වාර්තා මෙම අවස්ථාවේදී සියලුම ගරු මන්ත්‍රීවරුන් වෙත ලබා දීම සුදුසු නොවන බව නීතිපතිතුමා විසින් තමා වෙත ලිඛිතව දන්වා ඇති බව කථානායක කරු ජයසූරිය මහතා පාර්ලිමේන්තුවට අද (07) දැනුම් දුන්නේය.


    ශ්‍රි ලංකා මහ බැංකුව විසින් නිකුත් කරන ලද බැඳුම්කර පිළිබඳව දැනටමත් නීති කෘත්‍ය ආරම්භ කර ඇති බැවින්ද, ඉදිරියේදීත් තවදුරටත් නීති කෘත්‍යයන් ආරම්භ කිරීම සිදු විය හැකි බැවින් ද, ඉහත සඳහන් වාර්තා මෙම අවස්ථාවේදී සියලුම ගරු මන්ත්‍රීවරුන් වෙත ලබා දීම සුදුසු නොවන බව නීතිපතිතුමා තමා වෙත ලිඛිතව දන්වා ඇති බවද කථානායකවරයා දැනුම් දුන්නේය.


    වෝහාරික විගණන වාර්තා පාර්ලිමේන්තුවේ පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන්ට ලැබෙන්නට සලස්වන මෙන් පසුගිය ජනවාරි මස 03 වෙනි දින සභා ගර්භයේදී කරන ලද ඉල්ලීම සම්බන්ධයෙන් නීතිපතිතුමාගේ මතය විමසන ලද බවද කථානායකවරයා ප්‍රකාශ කළේය.

    කථානායකවරයාගේ සම්පූර්ණ නිවේදනය මෙසේය.
    ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කරන ලද බැඳුම්කර සම්බන්ධයෙන් විමර්ශනය කර වාර්තා කිරීම පිණිස පත් කරන ලද ජනාධිපති කොමිසමේ නිර්දේශ අනුව සිදු කරන ලද වෝහාරික විගණන වාර්තා පාර්ලිමේන්තුවේ පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන්ට ලැබෙන්නට සලස්වන මෙන් 2020 ජනවාරි මස 03 වෙනි දින සභා ගර්භයේදී කරන ලද ඉල්ලීම සම්බන්ධයෙන් නීතිපතිතුමාගේ මතය විමසන ලද බව මෙම ගරු සභාවට දන්වනු කැමැත්තෙමි.
    නීතිපතිතුමාගේ මතය අනුව ශ්‍රි ලංකා මහ බැංකුව විසින් නිකුත් කරන ලද බැඳුම්කර
    පිළිබඳව දැනටමත් නීති කෘත්‍ය ආරම්භ කර ඇති බැවින්ද, ඉදිරියේදීත් තවදුරටත් නීති කෘත්‍යයන් ආරම්භ කිරීම සිදු විය හැකි බැවින් ද, ඉහත සඳහන් වාර්තා මෙම අවස්ථාවේදී සියලුම ගරු මන්ත්‍රීවරුන් වෙත ලබා දීම සුදුසු නොවන බව නීතිපතිතුමා විසින් මා වෙත ලිඛිතව දන්වා ඇති බව මෙම ගරු සභාවට දන්වා සිටිමි.

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya