මාර්තු 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    විශ්වවිද්‍යාල ශිෂ්‍ය සංගම් නියෝජිතයන් උසස් අධ්‍යාපන ඇමැති හමුවෙයි - සිසු ගැටළු රැසකට විසඳුම්

    ජනවාරි 07, 2020

    සෞන්දර්ය විශ්වවිද්‍යාලයට පමණක් තාවකාලික වශයෙන් ඉසෙඩ් අගයට අතිරේක ව ප්‍රායෝගික පරීක්ෂණයක් ද පැවැත්වීමෙන් අනතුරු ව එම විශ්වවිද්‍යාලය සඳහා ප්‍රවේශය ලබා දීමට තීන්දු කළ බව උසස් අධ්‍යාපන, තාක්ෂණ හා නවෝත්පාදන, තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසී ය.

    අමාත්‍යවරයා මේ බැව් පැවසූයේ අද (7) දින උසස් අධ්‍යාපන අමාත්‍යංශයේ දී ශිෂ්‍යයන් පිරිසක් මුණ ගැසීමෙන් අනතුරු ව ය.

    අන්තර් විශ්විවද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ නියෝජිතයන් ද සමඟ සෞන්දර්ය විශ්වවිද්‍යාල ශිෂ්‍ය සංගමය මඟින් සංවිධානය කෙරුනු උද්ඝෝෂණයක් උසස් අධ්‍යාපන අමාත්‍යංශය දෙසට පැමිණි අතර එම අවස්ථාවේ ම අමාත්‍යවරයා හමුවීමට ඔවුන්ට අවස්ථාව ලැබී ඇත. ඉන් අනතුරුව පැයකට අධික කාලයක සාකච්ඡාවකින් පසු ව ශිෂ්‍යයන්ගේ ද මතයට ගරු කරමින් එම තීරණය ගනු ලැබූ බැව් අමාත්‍යවරයා පැවසී ය.

    එහිදී තවදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා,

    මං අමාත්‍යංශයට එනකොට විශාල පොලිස් හමුදාවක් අමාත්‍යංශයට ඇවිත් හිටියා. මට ඊට පෙර සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ නිසිබලධාරී මහාචාර්යතුමා දැනුම්වත් කරලා තිබුණා උද්ඝෝෂණයක් පැමිණීමට නියමිතයි කියලා. මම ලේකම්තුමාට දැන්වුවා පොලිසිය ඉවත් කරලා අපි දරුවන් සමඟ සාකච්ඡා කරමු කියලා. ඒ අනුව අපි සාකච්ඡාව බොහොම සුහද ව පැවැත්වුවා. අවසන් වශයෙන් දරුවන්ගේ අදහසට ගරු කරලා සෞන්දර්ය විශ්වවිද්‍යාලයට පමණක් තාවකාලික වහයෙන් ඉසෙඩ් අගයට අතිරේක ව ප්‍රායෝගික පරීක්ෂණයක් ද පැවැත්වීමට තිරණය කළා.

    ඒවගේ ම දරුවන් සහ ආචාර්යවරුන් ද සමඟ සාකච්ඡාවේදි මතු වුණා මේ ගැටලුව අධ්‍යාපනය තුළ අධ්‍යාපන අමාත්‍යංශයෙන් ද සිදුවිය යුත්තක් කියලා. ජාතික අධ්‍යාපන ආයතනය විසින් සෞන්දර්ය ආචාර්ය මහාචාර්යවරුන්ගේ දැනුම්වත්වීමක් හෝ සහභාගිත්වයකින් තොරව අ.පො.ස උසස් පෙළ ප්‍රශ්නපත්‍ර සැකසීම පිළිබඳ සොයා බැලිය යුතු යි.

    මේ පිළිබඳව අධ්‍යාපන අමාත්‍යංශ ලේකම්තුමා, විභාග දෙපාර්තමේන්තුව හා ජාතික අධ්‍යාපන ආයතනය සමඟ සාකච්ඡා කිරීමෙන් අනතුරු ව සිදුවිය යුතු වෙනස්කම් සිදු කරනවා. ඊට අවශ්‍ය දිගු කාලීන විසඳුමක් එහිදී ගත යුතුයි. යනුවෙන් ද පැවසී ය.

    මෙම අවස්ථාව සඳහා අමාත්‍යංශ ලේකම් අනුර දිසානායක, විශ්විවද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ ලේකම් ආචාර්ය ප්‍රියන්ත ප්‍රේමකුමාර, සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ නිසි බලධාරී මහාචාර්ය අබේරත්න බණ්ඩාර මහතා ඇතුළු පිරිසක්, සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ ආචාර්යවරුන් සහ ශිෂ්‍ය ශිෂ්‍යාවන් පිරිසක් ද අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ නියෝජිතයන් පිරිසක් ද එක්වූහ.

     

     

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya