අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අඛණ්ඩ පන්ති වර්ජනය අවසන් කිරීමට පියවර- සාකච්ඡා සර්ථක වෙයි

    ජනවාරි 07, 2020

    සමාජ වැඩ ශාස්ත්‍රවේදී උපාධි සිසුන් ක්‍රියාත්මක කළ අඛණ්ඩ පන්ති වර්ජනය අවසන් කිරීමට අමාත්‍ය බන්දුල ගුණවර්ධන සහ ඇමතිනී පවිත්‍රාදේවි වන්නිආරචිචි සමඟ පැවති සාකච්ඡාවෙන් අනතුරුව තීරණය විය.

    දින 105ක් තිස්සේ ක්‍රියාත්මක කළ අඛණ්ඩ වැඩ වර්ජනය මෙසේ අවසන් වූ බැව්  උසස් අධ්‍යාපන , තාක්ෂණ හා නවෝත්පාදන , තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය .

    ජාතික සමාජ සංවර්ධන ආයතනය මඟින් පවත්වාගෙන යන සමාජ වැඩ පාසල සම්බන්ධ ගැටලුව සති දෙකක් තුළ විසඳන බව ත් ඉතා ඉක්මනින් ම එය “වරලත් විශ්වවිද්‍යාලයක් බවට පත් කරන බව ද ඒ මහතා පැවසීය . අමාත්‍යවරයා මේ බැව් පැවසූයේ 06 වැනි දින සීදූව පරිශ්‍රයේ හදිසි නිරීක්ෂණ චාරිකාවකට සහභාගී වෙමිනි .

    සිය උපාධියට අවශ්‍ය පිළිගැනීම නොමැතී වීමේ ගැටලුව විසඳා දෙන ලෙස පරිපාලනයට බලපෑම් කිරීම සඳහා ආරම්භ කර ඇති පන්ති වර්ජනයට මේ වනවිට දින 105ක් පමණ වන අතර ඊට විසඳුම් ලබාදීමේ අරමුණ ද ඇතිව ළ්මා හා කාන්තා කටයුතු , සමාජ ආරක්ෂණ, සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය ඇමතිනී පවිත්‍රාදේවි වන්නිආරච්චි මැතිනිය ද සමඟ අමාත්‍යවරයා එම පරිශ්‍රය වෙත ගියේ ය.

    එහිදී තවදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා ,
    ජනාධිපතිතුමාගේ අපේක්ෂාව මේ රටේ උසස් පෙළ සමත්වෙන සියලු දෙනාට ම උසස් අධ්‍යාපනය ලබා දීමට යි. ඒ අනුව වාර්ෂිකව උසස් පෙළ සමත් වෙන 1 50 000ක් පමණ ශිෂ්‍ය ජීවිත තවදුරටත් අතරමං නොකරන්නට එතුමා අපිට වගකීමක් භාර දීලා තිබෙනවා. 
    උසස් පෙළ සමත්වෙන ඇති හැකි පවුල්වල දරුවන් වගේ ම ලන්ඩන් O/L සහ A/L කරන දරුවන්ට කිසිදු ගැටලුවක් නැහැ ඔවුන්ගේ උසස් අධ්‍යාපනට. ඔවුන් විශ්වවිද්‍යාල කොලීජියකින් ඩිප්ලෝමාවක් සම්පූර්ණ කර ගන්නවා. ඊට පස්සේ උපාධිය සම්පූර්ණ කර ගන්නවා. අවුරුදු 23ක්24ක් යද්දි ආචාර්ය උපාධිය පවා ලබා ගන්නවා. අපේ නැති බැරි දරුවන්ට ත් ඒ අවස්ථාව ලබා දීම අපේ රජයේ වගකීම. උසස්පෙළ
    සමත් වෙන සියලු දෙනාට ඒ අවස්ථාව ලබා දෙන්නට අපිට පුළුවන්.  කඳුළු ගෑස් නැතුව , බැටන් පොලු නැතුව අපි ශිෂ්‍ය ශිෂ්‍යාවන් ළඟට ඇවිදින් ඔවුන්ට සවන් දුන්නා. මේ ගැටලුවට විසඳුමක් ඉදිරිපත් කිරීම  සඳහා  පත් කෙරෙන
    විද්වතුන්ගේ කමිටුවේ නිර්දේශය අනුව මෙය කවර අමාත්‍යාංශය යටතට පත් කරනවා ද යන්න තීරණය වේවි. කෙසේ වෙතත් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන්
    සභාවේ අධීක්ෂණයට ලක් කරමින්, අවශ්‍ය වෙනස්කම් සිදු කරමින් මේ දරුවන්ට ලොව පිළිගත හැකි උපාධියක් ලබා ගැනීමට අවස්ථාව සලසනවා. මේ ගැටලුව සති දෙකකින් විසඳන බවට පොරොන්දුවක් ලබා දෙනවා . යනුවෙන්ද පැවසීය

     

     

     

     

     

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya