අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජනතාවට අරක්ෂාව දෙන්න පුළුවන් නායකයෙක් ජනතාව තෝරා ගත්තා - රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන

    ජනවාරි 07, 2020

    ජනතාවට අරක්ෂාව දෙන්න පුළුවන් නායකයෙක් ලෙස ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ජනතාව විසින් තෝරගත් බවත් බුද්ධි අංශය ශක්තිමත් කරලා, ජනතාවට සුරක්ෂිතව ජීවත් වෙන්න පුළුවන් පරිසරය සකස් කර තිබෙන බවත් තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා පවසයි.

    රාජ්‍ය අමාත්‍යවරයා මේ බව අද (7) පාර්ලිමේන්තුවේ දී මේ බව සඳහන් කළේ,නව රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශය සම්බන්ධයේ අද පාර්ලිමේන්තුවේ දී පැවැත්වෙන සභාව කල්තබන අවස්ථවේ යෝජනාවේ විවාදයේ දී අඳහස් දක්වමිනි.

    හාල් ටිකටවත් එලවළු ටිකටවත් නොවේ ජනතාව ඡන්ද දුන්නේ. මේ බලය දුන්නේ,එතුමාට විරුද්ධව විශාල බලවේගයක් ක්‍රියාත්මක වෙද්දි. ජනාධිපතිතුමාට පුරවැසිභාවය ප්‍රශ්න කළා.ජනතාව මුල කරන්න උත්සහ කළා. ජනතාවට වුවමන අකළේ කාරණා තුනක් නිසා නායකයෙක් පත් කරන්නයි.

    මේ රටේ සුරක්ෂිතභාවය විනය හා ආර්ථිකය යන කාරණා තුනයි. 2019 අප්‍රේල් 21 සිද්ධිය එක්ක 2009ට එහා නැවත ජනතාව කල්පනා කළා. ජනතාවට අරක්ෂාව දෙන්න පුළුවන් නායකයෙක්  ලෙස ජනතාව ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා තෝරගත්තා. ගෝඨාභය රාජපක්ෂ මහතා මේ රටේ ඡන්ද ඉතිහාසය වෙනස් කළා. මේ රටේ සුරක්ෂිතභාවය ඇති කර තිබෙනවා. බුද්ධි අංශය ශක්තිමත් කරලා, ජනතාවට සුරක්ෂිතව ජීවත් වෙන්න පුළුවන් පරිසරය සකස් කර තිබෙනවා.

    මේ රටේ උද්ඝෝෂ්ණ, විරෝධතා 2789ක් සිදු වෙලා. මේ රටේ විනයක් අවශ්‍යයි. සුරක්ෂිතභාවය නැති නිසා විනය නැති නිසා ආර්ථිකය කඩා වැටුණා. වසර පහ පිළිබඳව ප්‍රතිපත්ති ප්‍රකාශයෙන් ඉදිරිපත් කර තිබෙන්නේ. ඉතාමත් ප්‍රවේශමෙන් කටයුතු කර තිබෙනවා. සරළ බදු ක්‍රමයකට මේ රට යා යුතුයි. බදු ආදායම වැඩි කරනකොට රටේ ආයෝජනය වැඩි කර ගත යුත්යි.

    ශ්‍රැන්ග්‍රිලා ඉඩමට යා බද ඉඩම ගැන ආයෝජකයකුට දෙන්න තීන්දුවක් ගන්න එදා ආණ්ඩුවට ගන්න බැරි වුණා. මේ ඩම විකුණු වේ නෑ. බදු ක්‍රමයකට දුන්නේ. දැන් ආයෝජකයා එවලා තිබෙනවා ජනවරි වනවිට ඉදිරි මුදලා ගෙවලා මාර්තු මස ආයෝජනය පටන් ගන්නවා කියලා. එදා ආණ්ඩුවට තීන්දු ගන්න බැරි වුණා.

    අධිකරණයේ ස්වාධීනත්වය ගැන කතා කළා. ව්‍යවස්ථාදායක, විධායකය, අධිකරණය විනාශ කළා. අද පාර්ලිමේන්තුවේ සියලු දෙනාගේම ගෞරවය නැතිවෙලා එක මන්ත්‍රීවරයෙක් නිසා.මේ රටේ සාමාන්‍ය ජනතව මොනවාද හිතන්නේ. මුළු රටම අද බලාගෙන ඉන්නවා. පාර්ලිමේන්තු මන්ත්‍රීවරු හැටියට වගකීමක් තිබෙනවා. මේ පිළිබඳව තීන්දුවක් ගත යුතුයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya