අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    බැදුම්කර වංචාවේ නවදෙනෙකුට චෝදනා පත්‍ර හදා අවසන්-නීතිය ක්‍රියාත්මක වෙන්න ඉඩ දෙනවා- රාජ්‍ය අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ

    ජනවාරි 07, 2020

    බැදුම් කර වංචාවේ නව දෙනෙකුට චෝදනා පත්‍ර හදා අවසන්. නීතිය ක්‍රියාත්මක වෙන්න ඉඩ දෙනවා. අධිකරණයේ ස්වාධීනත්වය වෙනුවෙන් පෙනී සිටිනවා'' යැයි විදුලිබල රාජ්‍ය අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසයි.

    රාජ්‍ය අමාත්‍යවරයා අද (7) පාර්ලිමේන්තුවේ දී මේ බව සඳහන් කළේ,නව රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශය සම්බන්ධයේ අද පාර්ලිමේන්තුවේ දී පැවැත්වෙන සභාව කල්තබන අවස්ථවේ යෝජනාවේ විවාදයේ දී අඳහස් දක්වමිනි.

     අත්සන් කළ ගිවිසුම් ගැන කතා කරනවා. රණවිරුවන් ගැන කත කරනවා. එම් සී සී එක ගෑන් කතා කරනවා, විපක්ෂ නයකතුමා. එතුමා හිටියේ කොහේද? කැබිනට් එකේ නෙවෙයි ද? රනවිරුවෝ හිරේ දානකොට වච්නයක් කතා කළා ද? අපේ ආණ්ඩුව කාලයේ රනවිරු දඬයමක් වෙන්නේ නෑ. අද වෙන කොට දවස් පනස් දෙකයි. මේ ආණ්ඩුව කරලා තියෙන දේ ගැන කියන්න. සාමාන්‍ය ජනතාවට බදු ගැහුවේ පසු ගිය ආණ්ඩුව. අපි එය අඩු කළා. අපි පොහොර සහනාධාරය නොමිලේ ලබා දෙනවා. ආයතනවලට බිලියන හයක් ගෙවන්න තියෙනවා. එළවළු මිල වැඩියි. එය පිළිගන්නවා. ජනතාවගේ බඩු මිල වෙනුවෙන් ආණ්ඩුව පැහැදිළිව මැදිහත් වෙනවා.

    පසුගිය කාලේ මොනවද කළේ, අධිකරණයට නීතියේ ආධිපත්‍යයට මොනවද කළේ? ඒවා එළියට ඇවිල්ලා තිබෙනවා. බොරු නඩු දාලා පහත් වැඩ කරන්නේ නෑ. බොරු නඩු දාලා අත් අඩංගුවට ගන්න අවශ්‍ය නෑ. බැදුම් කර වංචාවේ නවදෙනෙකුට චෝදනා පත්‍ර හදා අවසන්. නීතිය ක්‍රියාත්මක වෙන්න ඉඩ දෙනවා. අධිකරණයේ ස්වාධීනත්වය වෙනුවෙන් පෙනී සිටිනවා යැයි ද අමාත්‍යවරයා පැවසීය.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya