මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලට අනුබද්ධ AAT විශ්වවිද්‍යාල විද්‍යායතනයක් ආරම්භ කරනවා- අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන

    ජනවාරි 07, 2020

    ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලට අනුබද්ධ විශ්වවිද්‍යාල විද්‍යායතනයක් ලෙස “AAT විශ්වවිද්‍යාල විද්‍යායතනය” මේ වසර තුළ ඇති කරන බැව් උසස් අධ්‍යාපන , තාක්ෂණ හා නවෝත්පාදන , තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.

    අමාත්‍යවරයා මේ බැව් පැවසූයේ 2020 01 07වන දින බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ පැවති ශ්‍රී ලංකා ගණකාධිකරණ ශිල්පීය ආයතනයේ අවසන් අදියර සමත් සිසුන්ගේ සම්මාන සහතික ප්‍රදානෝත්සවයට සහභාගී වෙමිනි.

    එහිදී තවදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා ,

    AAT ආයතනය අද වනවිට ශ්‍රී ලාංකික අධ්‍යාපන ක්ෂේත්‍රයේ දැවැන්ත වෘක්ෂයක් බවට පත්වෙලා අවසන්. ලංකාවේ අධ්‍යාපන ක්ෂේත්‍රයේ නොයෙක් හැඩතල වෙනස් වෙමින් පවතින කාලයක් මේක. අපි විවිධ වෙනස්කම් කරද්දි වෙනස්කම් සඳහා සංවේදී නොවන වෙනස්කම්වලට උපතින් ම එරෙහිවන කොටසක් සිටිනවා. නමුත් ඒ එරෙහිවීම් නොකතා කටයුතු නොකළ හොත් වෙනස්කම් කරන්නත් බැරි වෙනවා. මෙරට අධ්‍යාපන අමාත්‍යවරයා වශයෙන් තාක්ෂණික විෂය ධාරාව හඳුන්වා දෙනවිට විවිධ ලෙස බාධා එල්ල වුණා. නමුත් ඒවාට නොසැලී අපි ඒ ක්ෂේත්‍රය අධ්‍යාපනයට විතරක් නොවෙයි විශ්වවිද්‍යාල අධ්‍යාපනය දක්වා හඳුන්වා දුන්නා. දැන් සාම්ප්‍රදායික කලා, වාණිජ්‍ය, විද්‍යා ගණිත පමණක් නොව තාක්ෂණ විෂය ක්ෂේත්‍රය ද තිබෙනවා. එයින් අද වනවිට වඩාත් ම ඉල්ලුමක් තිබෙන අංශය බවට තාක්ෂණ අංශය පත්වෙලා.

    මෙතෙක් තිබුණු අධ්‍යාපනයෙන් මෙන් ම උසස් අධ්‍යාපනයෙනුත් පසුව ජීවන වෘත්තියක් හෝ ජීවිතය සාර්ථක කර ගැනීම සම්බන්ධ ස්ථිරසාර විසඳුමක් තිබුණු බවක් පේන්නට නැහැ. සාමාන්‍ය පෙළ සමත් උසස් පෙළ සමත් දෙමාපියන් කොයිතරම් ස්ථිර රැකියාවක් හෝ ස්ථිර ජීවනෝපායක් නොමැතිව අසරණ ව සිටිනවා ද? එය මේ දරුවන්ටත් වෙන්නට ඉඩ නොදිය යුතු යි. ඒ නිසා ම ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ සංකල්පය අනුව මානව සම්පත සංවර්ධනය සඳහා උසස් පෙළ සමත්වන සියලු ම දරුවන්ට උපාධියක් දක්වා අධ්‍යාපනය ලැබිය හැකි, වෘත්තියභිමුඛ පාඨමාලා තුළින් ජීවිතය ජය ගන්නයට අවශ්‍ය පසුබිම සකසා දීමේ වගකීම පැවරිලා තිබෙන්නේ මට.

    ඒ වගකීම ඉටු කරන්නට මේ වනවිට අපි කටයුතු කරගෙන යනවා. මහපොළොවේ හඬට කන් දීලා මහපොළොවේ අවශ්‍යතාව අපි ඉටු කළ යුතු යි. රට වෙනුවෙන් සහ මනුෂ්‍ය වර්ගයා වෙනුවෙන් ඒ දෙය කරන්නට කටයුතු කරන්නට අපිට ලැබී තිබෙන අවසන් අවස්ථාව මේක. රට සෞභාග්‍ය කරා ගෙනයන ජනාධිපතිතුමාගේ සෞභාග්‍යයේ දැක්ම අනුව සෑම උසස් පෙළ සමතකුට ම උපාධියක් සහ රැකියාභිමුඛ පාඨමාලාවක් ලබාගැනීමට අවශ්‍ය පහසුකම් රට පුරා ම ඇති කරනවා. ඒ අනුව සෑම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයකට ම එක බැගින් විශ්වවිද්‍යාල විද්‍යායතන 300ක් රට පුරා ඉදි කරනවා. ඒ අනුව වසර 05ක් තුළ උසස් පෙළ සමත් සෑම දරුවකුට ම උපාධි සිහිනය සැබෑ කරගැනීමට අවශ්‍ය පහසුකම් සපයා දෙනවා. යනුවෙන් ද පැවසී ය.

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya