අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ලංකා විදුලි බල මණ්ඩලයෙන් අමාත්‍ය මණ්ඩලයට වර්තාවක්

    ජනවාරි 07, 2020

    ලංකා විදුලි බල මණ්ඩලයේ ලබා ගත් ඉන්ධන වෙනුවෙන් ලංකා ඛනිජ තෙල් නිතිගත සංස්ථාවට ගෙවීමට තිබෙන මුදල හා ඊට අදාළ සියලු තොරතුරු ඇතුළත් වාර්තාවක් කැබිනට් මණ්ඩලයට යොමු කිරීමට පියවර ගෙන ඇතැයි විදුලි බල හා බලශත්ති අමාත්‍යාශයේ මාධ්‍ය අධ්‍යක්ෂ සුලක්ෂණ ජයවර්ධන මහතා රජයේ නිල වෙබ් අඩවියට පැවසීය.

    වැඩිදුරටත් අදහස් දැක් වු ඒ මහතා පැවසුවේ, ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට පමණක් නොව විදුලි උත්පාදනය සඳහා යොදා ගන්නා පෞද්ගලික බලාගාරවල අදාළ පෞද්ගලික ආයතන සඳහා ද මුදල් ගෙවීමට තිබෙන බව පැවසීය.

     මාධ්‍ය අධ්‍යක්ෂ සුලක්ෂණ ජයවර්ධන මහතා පවසන්නේ ,විදුලි ඒකකයක් උත්පාදනය කිරිම සඳහා රුපියල් 23ක මුදලක් වැය වුවද එය පාරිභෝගිකයාට ලබා දීමේ දී විදුලි ඒකකයක් රුපියල් 16ක පමණ මුදලකට ලබා දීමට සිදු වී ඇති බවයි. එය ද ලංකා විදුලි බල මණ්ඩලයේ පාඩු ලැබිමට එක් හේතුවක් වී ඇති බව සුලක්ෂණ ජයවර්ධන මහතා ප්‍රකාශ කළේය

    ඒ අනුව ආදායම හා වියදම අතර පරතරය අවම කර ගැනීම සම්බන්ධයෙන් විකල්ප යෝජනා කීහිපයක් පිළිබඳව අවධානය යොමු කර ඇති බවද මාධ්‍ය අධ්‍යක්ෂ සුලක්ෂණ ජයවර්ධන මහතා සඳහන් කළේය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya