අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    වත්මන් අණ්ඩුව නීතියට බලපෑම් කරන්නේ නෑ- අමාත්‍ය ප්‍රසන්න රණතුංග

    ජනවාරි 07, 2020

    වත්මන් ආණ්ඩුව නීතියට බලපෑම් නොකරන බවත් කිසිදු දේශපාලන පළිගැනීමක් සිදු නොකරන බවත් කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන් සේවා ආමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා අවධාරණය කරයි.

    ඇමතිවරයා පෙන්වා දෙන්නේ, දැන් රටේ පවතින්නේ නීතිය නවන ආණ්ඩුවක් නොවන බවයි. මිනුවන්ගොඩ, මඩවල, කලහුගොඩ ඒකාබද්ධ කණිෂ්ඨ විද්‍යාලයේ ඊයේ (06) පැවති රුක් රෝපණ වැඩසටහනකට
    එක්වීමෙන් අනතුරුව මාධ්‍ය වේදියෙකු නැගු පැනයකට පිළිතුරු දෙමින් රණතුංග මහතා මේ බව සදහන් කළේය.


    එහිදි වැඩිදුරටත් අදහස් දැක් වු ප්‍රසන්න රණතුංග මහතා මෙසේ ද කීවේ ය.

    සමහරු උත්සාහ කරනවා ඇමතිවරු කීපදෙනෙක් පොලිස් අත්අඩංගුවට ගෙන ඔවුන්ට එරෙහි ව නීතිය ක්‍රියාත්මක කිරිමේ සිද්ධිය දේශපාලන පළිගැනීම් ලෙස හුවා දක්වන්න. යහපාලන ආණ්ඩුව වගේ දේශපාලන බලපෑම් කරවන්න එහෙම නැත්නම් නීතියට බලපෑම් කරන්න අපි ලෑස්ති නෑ. අපි ඒ වගේ දේවල් කරන්නේ නෑ. අපි ජනතාවට පොරොන්දු වුණේ නීතිගරුක රටක් හදන්න. අපි ඒ සදහායි කැප වෙලා ඉන්නේ.

    2020 මාර්තු මාසය වන විට අපි පාර්ලිමේන්තුව විසුරුවනවා. මහා මැතිවරණය කැදවනවා. ඒ මැතිවරණයේ පොහොට්ටුව යටතේ තරග කරලා අපි තුනෙන් දෙකක බහුතර ආණ්ඩුවක් හදනවා. ඒ සදහා ආණ්ඩුවේ ප්‍රධාන අපේක්ෂාවක් තමයි රටට ගැලපෙන ව්‍යවස්ථාවක් සැකසීම. හැබැයි අපි ඒ ව්‍යවස්ථාව එක එක දේශපාලන පක්ෂ වලටවත් එහෙම නැත්නම් අන්තවාදි කණ්ඩායම්වලටවත් ඕනවිදිහට හදන්නේ නෑ. හදන්නේ මේ රටට, රටේ ජනතාවට ගැලපෙන ව්‍යවස්ථාවක්. දැන් තියෙන ව්‍යවස්ථාව 19 වන වතාවක් සංශෝධනය වෙලා තියෙනවා. දේශපාලන පක්ෂ වල හෝ අන්තවාදින්ගේ බලපෑම් වලට යටවෙලා මෙය සිදු කළ නොහැකියි. අපි කාගෙවත් දේශපාලන හෝ වෙනත් බලපෑම් වලට යට නොවී තමයි ව්‍යවස්ථාවක් සැකසෙන්න ඕනේ. මහා මැතිවරණයෙන් පස්සේ අපි සකස් කරන්නේ මේ රටේ හැමෝටම ගැලපෙන ව්‍යවස්ථාවක් යැයි පැවසීය

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya