මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    යුරෝපා සංගමයේ මෙරට තානාපතිවරු ජනපති හමුවෙති

    ජනවාරි 07, 2020

    යුරෝපා සංගමය නියෝජනය කරන මෙරට තානාපතිවරුන් සමග හමුවක් අද ජනාධිපති කාර්යාලයේ දී පැවැත්විණ. තානාපතිවරු සියලු දෙනා ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා හනුවිය. ඔවුන් සියලු දෙනා නව රජයට සුභාශිංසන පළකර තිබේ.

     

    ආයෝජන මධ්‍යස්ථානයක් ලෙස ශ්‍රී ලංකාව දෙස ධනාත්මකව බලන ලෙසත්, ශ්‍රී ලංකාවේ මධ්‍යස්ථ විදේශ ප්‍රතිපත්තියද ශ්‍රී ලංකාව වැනි කුඩා රටවල්වලට ලොව අනෙකුත් රටවල් හා සමාන වේගයෙන් සංවර්ධනය වීම සඳහා උපකාර කිරීම කලාපීය බලඅධිකාරිත්වයට මුහුණ දීමේ ප්‍රශස්තම පියවර බවත් ජනාධිපතිවරයා එහිදී පෙන්වා දී තිබේ.

    මෙරටෙහි දේශපාලන විසඳුම් සංවර්ධන ක්‍රියා පිළිවෙත සමග සමගාමීව ඉදිරියට යා යුතු බව ජනාධිපතිවරයා විසින් පැහැදිලි කළ අතර, දූෂණය පිටුදැකීමට, විනිවිදභාවය සහතික කිරීම, දක්ෂතාවට සහ හැකියාවට වටිනාකමක් ලබාදීමට සිදු කරන කැපවීම පිළිබඳව නියෝජිත කණ්ඩායම සිය ප්‍රශංසාව පළ කර ඇත.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya