අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ප්‍රමාද ව පැවති ශිෂ්‍ය උපදේශන ගුරුවරුන් බඳවාගැනීමට අදාළ සම්මුඛ පරීක්ෂණ ඇරඹේ

    ජනවාරි 07, 2020

    ශිෂ්‍ය උපදේශන කාර්යය සඳහා නවක ගුරු පත්වීම් ලබාගැනීමට අපේක්ෂා කරන උපාධිධාරීන් 1327දෙනෙකුට අදාළ අවසන් වටයේ සම්මුඛ පරීක්ෂණ (06) සිට පැවැත්වීමට අධ්‍යාපන අමාත්‍යාංශය විසින් පියවර ගෙන ඇත.

    මේ අනුව සබරගමුව සහ වයඹ පළාත් සභා සඳහා මෙන් ම දිවයින පුරා පිහිටි ජාතික පාසල් වෙත මෙසේ බඳවාගන්නා නවක උපදේශන ගුරුවරුන් ස්ථානගත කිරීමට අපේක්ෂිතයි.

     

    ශිෂ්‍ය උපදේශනය පාසල් මට්ටමින් සක්‍රීය ව පවත්වාගෙන යාම කාලීන අවශ්‍යතාවක් වන අතර, ඒ වෙනුවෙන් අධ්‍යාපන පද්ධතිය වෙත විෂය සුදුසුකම් සහිත උපාධිධාරීන් ශ්‍රී ලංකා ගුරු සේවයේ 3-1 (අ) ශ්‍රේණියට නවක ගුරුවරුන් ලෙස බඳවා ගැනීමට අදාළව අයදුම් පත් කැඳවා ඇත්තේ 2018-07-26 දිනැති ගැසට් නිවේදනය මගිනුයි. ඒ අනුව එම වර්ෂයේ නොවැම්බර් මස 25 දින පවත්වන ලද තරගවිභාගයේ ප්‍රතිඵල මත පවත්නා පුරප්පාඩු සංඛ්‍යාව මෙන් පස්ගුණයක් පළමු වටයේ සම්මුඛ පරීක්ෂණ සඳහා කැඳවා තිබේ. එම සම්මුඛ පරීක්ෂණ 2019 වසරේ මැයි 31 සිට ජුනි 10 තෙක් පවත්වන ලද අතර, එමගින් සුදුසුකම් ලබන අයදුම්කරුවන් අතරින් පවත්නා පුරප්පාඩු සංඛ්‍යාව මෙන් තුන් ගුණයක් දෙවැනි වටයේ සම්මුඛ පරීක්ෂණ සඳහා කැඳවීමට නියමිත ව පැවතිණි.

     

    එහෙත් පසුගිය වසරේ මැයි සිට මේ දක්වා මෙම සම්මුඛ පරීක්ෂණ පැවැත්වීම කල්ගත වී තිබුණු අතර, උපදේශන ගුරු පත්වීම් අපේක්ෂාවෙන් තරග විභාගයට පෙනීසිට ඉන් සමත් ව, පළමු වටයේ සම්මුඛ පරීක්ෂණ සඳහා ද පෙනී සිටි උපාධිධාරීන් විශාල පිරිසක් මේ නිසා දැඩි කනස්සල්ලකට පත්ව සිටි අතර ඔවුන්ගේ රැකියා අපේක්ෂා ඉටු කරමින්, ඊට අදාළ දෙවැනි වටයේ සම්මුඛ පරීක්ෂණ 06 සිට ආරම්භ කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය පියවර ගෙන තිබේ.

     

    06 දින සිට ආරම්භ කරන ලද මෙම සම්මුඛ පරීක්ෂණ ජනවාරි මස 09, 13,14,16, සහ 17 යන දිනයන්හි අධ්‍යාපන අමාත්‍යාංශ ශ්‍රවනාගාරයේ දී පැවැත්වේ

     

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya