අප්‍රේල් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරීමට පුළුල් ප්‍රචාරක වැඩපිළිවෙලක්

    ජනවාරි 06, 2020

    ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරීම සඳහා මේ වන විට පුළුල් ප්‍රචාරක ප්‍රචාරක වැඩපිළිවෙලක් ඇරඹීමට පියවර ගෙන ඇතැයි ශ්‍රි ලංකා සංචාරක මණ්ඩලයේ මහජන සම්බන්ධතා අංශයේ අධ්‍යක්ෂිකා මධුභානි පෙරේරා මහත්මිය රජයේ නිල පුවත් වෙබ් අඩවියට පැවසීය.

    මෙහිදී අදහස් දැක් වු අධ්‍යක්ෂවරිය පැවසුවේ, 2018 වර්ෂයේ සංචාරකයින් ලක්ෂ 23 කට ආසන්න ප්‍රමාණයක් ලංකාවේ සංචාරය සඳහා පැමිණි ඇති බවත් 2019 වසරේ එය ලක්ෂ 25 දක්වා වර්ධය කර ගැනිමට බලාපොරොත්තු වූ බවයි. එහෙත් අප්‍රේල් 21 දින එල්ල වු ත්‍රස්ත්‍ර ප්‍රහාරයත් සමඟ එය 18%ක් දක්වා අඩු විය. කෙසේ වුවද 2019 දෙසැම්බර් වන වට ලංකාවට පැමණි මුළු සංචාරකයින් ප්‍රමාණය ලක්ෂ 19 ක් වු බව පෙන්වා දුන් ඇය, 2020 වර්ෂයේ දි ලක්ෂ 25 ක් දක්වා වර්ධනය කර ගැනීමට බලාපොරොත්තු වන බව කීය.

    ලෝකයේ බොහෝ රටවල් වල සංචාරක එන්ජන්වරුන් මේ සඳහා ලංකාවට සහයෝගය පළ කිරිමට කැමැත්ත පළ කර අත. එසේම ,ඊයේ දිනයේ දී (05) එංගලන්තයේ ,ITV නාලිකාව තම රූපවාහිනි සජිවි වැඩසටහන් දෙකක් සඳහා මෙ රටට පැමිණ ඇති බව මධුභානි පෙරේරා මහත්මිය පැවසුවාය. ITV නාලිකාව එංගලන්තයේ විශාලතම දෙවන රූපවාහිනි නාලිකාව වේ.මේ වැඩසටහන් තුළින් ශ්‍රි ලංකාවේ ආහාර පිළියෙළ කර ගන්නා අයුරු ලංකාවේ සුප්‍රසිද්ධ සූපවේදි වෙක් වන පබිලිස් සිල්වා මහතා හා එක් වී සිදු කිරීමට නියමිත බව ඇය පැවසුවාය ඊට අමතරව වාර්තා වැඩසටහන් කිරිපයක් නිෂ්පාදනය වෙයි.

    මෙම වැඩසටහන මඟින් රුපියල් මිලියන 100ක පමණ ආදායමක් උපයා ගැනීමට හැකි බව පැවසු අධ්‍යක්ෂවරිය, ලංකාවේ සංචාරක කර්මාන්තය නඟා සිටු වීමට සහයෝගයක් ලෙස ගුවන් ගමන් බල පත්‍රය සඳහා පමණක් තම ආයතනය මුදල් වැය කළ බවත්,අනෙක් සියලු වියදම් හා හෝටල් පහසුකම් ඔවුන් විසින් ම සකස් කර ගෙන ඇති බවත් වැඩි දුරටත් පැවසීය.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya