අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    රටට හා ජනතාවට සෙත් පතා ජනාධිපති මන්දිරයේ සර්ව රාත්‍රික පරිත්‍රාණ ධර්ම දේශනාවක්

    ජනවාරි 06, 2020

    අතිගරු ජනාධිපතිතුමාට, විරෝධාර රණවිරුවන්ට රටට සහ ජනතාවට ආශිර්වාද පළ කරමින් සර්ව රාත්‍රික පරිත්‍රාණ ධර්ම දේශනාවක් (04)දා කොටුව ජනාධිපති මන්දිරයේ දී පැවැත්විණි.

    නාරාහේන්පිට අභයාරාමාධිපති, බස්නාහිර පළාත් ප්‍රධාන සංඝනායක පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද නායක ස්වාමින් වහන්සේගේ ප්‍රධානත්වයෙන් පැවැති පරිත්‍රාණ ධර්ම දේශනය සඳහා මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස, කොල්ලුපිටිය වාලුකාරාමාධිපති මහා විහාර රත්මලාන පාර්ශවයේ සංඝනායක පූජ්‍ය මහරගම නන්ද, කයිකාවල සුනන්දාරාමාධිපති විචිත්‍ර භාණක පූජ්‍ය බෝපිටියේ විජිත, රෝහන සංඝ සභාවේ දක්ෂිණ ලංකාවේ උප ප්‍රධාන සංඝ නායක පූජ්‍ය නාරන්දෙනියේ ධම්මාවාස, ගංගාරාම විහාරවාසී ආචාර්ය පූජ්‍ය කිරින්දේ අස්සජි යන ස්වාමින් වහන්සේලා ප්‍රමුඛ මහා සංඝරත්නය වැඩම කර සිටියහ.


    ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා ද මැති ඇමතිවරු, රාජ්‍ය නිලධාරින් ඇතුළු පිරිසක් මීට සහභාගී වූහ.
    මෙහිදී විශේෂ අනුශාසනාව කරමින් පූජ්‍ය මැදගොඩ අභයතිස්ස නායක ස්වාමින් වහන්සේ පෙන්වා දුන්නේ එල්.ටී.ටී.ඊ යුද්ධය පරාජය කිරිමට එක් වූ සුසංයෝගය රට ඉදිරියේ ඇති ආර්ථික යුද්ධය සහ ජාත්‍යන්තර අභියෝග ජය ගැනිමට ද එක්විය යුතු බවයි.
    මහා සංඝරත්නය ප්‍රමුඛ රටේ සමස්ත ජනතාව තැබූ එම අපේක්ෂාව මල්ඵල ගැන්වීමට ජනාධිපතිවරයා, අග්‍රමාත්‍යවරයා ඇතුළු පිරිස කැපවනු ඇති බවට ද උන්වහන්සේ විශ්වාසය පළ කළහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya