අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජනතා කේන්ද්‍රීය ආර්ථිකයක් බිහිකර රට සෞභාග්‍යමත් දේශයක් කිරීමට ජනාධිපතිවරයාගේ ප්‍රතිපත්තිමය වැඩ පිළිවෙලට සහාය වන්න- අමාත්‍ය ප්‍රසන්න රණතුංග

    ජනවාරි 06, 2020

    ජනතා කේන්ද්‍රීය ආර්ථිකයක් බිහිකර රට සෞභාග්‍යමත් දේශයක් බවට පත් කිරිමේ ජනාධිපතිවරයාගේ ප්‍රතිපත්තිමය වැඩ පිළිවෙල යථාර්ථයක් බවට පත් කිරිමට සහාය වන්නැ‘යි කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන් සේවා අමාත්‍යංශයේ ආයතන වලට පත් වු සභාපතිවරු ප්‍රමුඛ අධ්‍යක්ෂක මණ්ඩලයෙන් විෂයභාර ඇමති ප්‍රසන්න රණතුංග මහතා ඉල්ලා සිටි.

    රණතුංග මහතා පෙන්වා දෙන්නේ, ඉදිරි කාලය රට වැඩ කරන රටක් බවට පත් කිරීම වත්මන් රජයේ අපේක්ෂාව බවයි.

    කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා සිවිල් ගුවන් සේවා අමාත්‍යංශය යටතේ පවතින ආයතන වලට අභිනවයෙන් පත් වු නව අධ්‍යක්ෂක මණ්ඩලයට පත්වීම් ප්‍රදානය කිරීමේ අවස්ථාවට එක්වෙමින් රණතුංග මහතා මේ බව සදහන් කළේය.

    කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා සිවිල් ගුවන් සේවා අමාත්‍යංශයේ දි පසුගිය සිකුරාදා (03) මෙම පත්වීම් ලිපි ප්‍රදානය සිදුවිය. ඒ අනුව එම අමාත්‍යංශය යටතේ පවතින සිවිල් ගුවන් සේවා අධිකාරිය, ආයෝජන මණ්ඩලය, අපනයන සංවර්ධන මණ්ඩලය, ගුවන් තොටුපල හා ගුවන් සේවා සමාගම, ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යංශය, ශ්‍රි ලංකා සංචාරක හා හෝටල් කළමණාකරණ ආයතනය, ශ්‍රි ලංකා ප්‍රදර්ශන හා සම්මේලන කාර්යාංශය යන ආයතන සදහා අධ්‍යක්ෂකවරුන්ට පත්වීම් ලිපි මේ අනුව ප්‍රදානය කෙරිණි.

    මෙහි දි වැඩි දුරටත් අදහස් දැක් වු ප්‍රසන්න රණතුංග ඇමතිවරයා මෙසේ ද කීවේ ය.

    ''අද මේ පත්වීම් ලබන සියලුම අධ්‍යක්ෂක මහත්ම මහත්මීන් අපේ ආණ්ඩුවේ ප්‍රතිපත්තිමය වැඩ පිළිවෙල ඉදිරියට ගෙන යාම සදහා පූර්ණ සහාය පල කළ යුතුයි. ඔබට ලැබෙන මේ අධ්‍යක්ෂක තනතුර ඔබට ගෞරවයක් වගේම රටට සේවය කරන්න ලැබෙන අවස්ථාවක් බව අමතක කරන්න එපා. ඔබ සැම අප තෝරා ගත්තේ ඔබ විසින් ඒ ඒ ක්ෂේත්‍ර සදහා දක්වා ඇති කැපවීම සලකලයි. අපට අවශ්‍යවන්නේ අධ්‍යක්ෂක දීමනාව රැගෙන, වරප්‍රසාද රැගෙන නිහඩව සිටින අය නෙමෙයි. අපට අවශ්‍යවන්නේ මේ ලැබෙන අවස්ථාව ප්‍ර යෝජනයට ගෙන ඔබව නම් කර ඇති ආයතනය මෙරට ජනතාවට වඩා සමීප ආයතනයක් බවට පත් කිරීම සදහා සැලසුම්, යෝජනා ඉදිරිපත් කරන අයයි. ඒ නිසා මේ ආයතන දියුණු කිරීමට ඔබ සියලු දෙනාගේ සැලසුම් හා යෝජනා අප වෙත ලබා දෙන්න.


    සංචාරක කර්මාන්තය ගත්තොත් ඉහළම විදේශ විනිමය රට තුළට ගෙන ආ හැකි අපේ රටේ ආර්ථිකයේ වැදගත් කොටසක්. 2030 වසර වන විට මෙරටට පැමිණෙන සංචාරකයන් සංඛ්‍යාව මිලියන 07 දක්වා ඉහළ දැමීම අපේ ඉලක්කයයි. ඒ සදහා දැනටමත් අපි ප්‍රායෝගික වැඩ සටහන් කීපයක් හදුනාගෙන තිබෙනවා. ඉදිරි කාලය තුළ අපි ඒවා ක්‍රියාත්මක කරනවා. සංචාරක කර්මාන්තය අශ්‍රිතව ස්වයං රැකියාවේ නිරතවන්නන්ගේ සිට මහා පරිමාණ ව්‍යාපාරිකයා දක්වා මේ වර්ධනයේ ප්‍රතිලාභ ලැබෙන ක්‍රමවේදයක් අපි සකස් කරනවා.


    ඒ වගේම ගුවන් තොටුපළ හා ගුවන් සේවා ක්ෂේත්‍රෙය් තුළත් අපි සුවිශේෂ වැඩ සටහන් ගණනාවක් සැලසුම් කර තිබෙනවා. පසුගිය මහින්ද රාජපක්ෂ ආණ්ඩුවේ අරමුණ වුයේ ශ්‍රි ලංකාව දකුණු ආසියානු කලාපය තුළ ප්‍රධාන සැපයුම් කේන්ද්‍රස්ථානයක් බවට පත් කිරීම. නමුත් පසුගිය ආණ්ඩුව යටතේ එය සම්පූර්ණයෙන් ම බිද වැටුණා. මහින්ද රාජපක්ෂ ආණ්ඩුව කාලයේ දි රට තුළ ඇති වු කාර්මික ප්‍රබෝධය යහපාලන ආණ්ඩුව කාලයේ දි නැත්තටම නැතිවුණා. මේ තත්ත්වය නැති කර රට නැවත සෞභාග්‍ය කරා රැගෙන යන්නයි අප මේ කටයුතු කරමින් ඉන්නේ.

    අද ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සහ අපේ ආණ්ඩුව පිළිබද ජනතාව  සුවිශේෂ විශ්වාසයක් තබා තිබෙනවා. මේ කෙටි කාලය තුළ ජනාධිපතිවරයාත් ආණ්ඩුවත් ජනතාවගේ ප්‍රසාදයට හේතු වී තිබෙනවා. ඒ ප්‍රසාදය රැක ගැනීම අපි හැමෝගෙම වගකීමක්. කිසිම හේතුවක් නිසා ජනතාව අප කෙරෙහි තැබු විශ්වාසය පළුදු වීමට අප ඉඩ තබන්නේ නෑ."

    සංචාරක ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු මහතා ද අමාත්‍යංශ ලේකම් මරීනා මොහොමඩ් මහත්මිය ද මෙහි දි කථා කළහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya