අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මේජර් ජෙනරාල් සුදන්ත රණසිංහ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නව අධ්‍යක්ෂ ජෙනරාල් ලෙස පත්වෙයි

    ජනවාරි 05, 2020

    ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නව අධ්‍යක්ෂ ජෙනරාල් වශයෙන් මේජර් ජෙනරාල් සුදන්ත රණසිංහ මහතා (03) වැනි දින වැඩ භාරගන්නා ලදී.

    වසර 39 යුධ හමුදා සේවයේ රාජකාරි ඉටුකර ඇති මේජර් ජෙනරාල් සුදන්ත රණසිංහ මහතා ශ්‍රී ලංකා යුධ හමුදාවේ ජ්‍යෙෂ්ඨ නිළධාරියෙකි. කොළඹ ආනන්ද විද්‍යාලයෙන් මුලික අධ්‍යාපනය හදාරා ඇති ඒ මහතා යුධ හමුදා මාණ්ඩලික විද්‍යාලයේ උපාධිධාරියෙකු ද වේ. පාකිස්ථානු ජාතික ආරක්ෂක විද්‍යාලයෙන් යුධ අධ්‍යයන පිළිබදව ප්‍රථම උපාධියක් සහ පශ්චාද් උපාධියක් හිම්කරගෙන ඇති අතර චීනයේ ජාතික ආරක්ෂක විද්‍යාලයෙන් යුධ සහ දේශපාලන ක්‍රමෝපායන් පිළිබද උපාධිය ද හිම්කරගෙන ඇත.

    වසර 39 ක සේවා කාලය තුළ යුධ ලේකම්, 53 වන සේනාංකාධිපති, ඉංජිනේරු බලකායේ අණදෙන නිළධාරි, කිලිනොච්චි, මුලතිව් සහ බස්නාහිර ආඥාපති, කොළඹ භාර ඒකාබද්ධ ආඥාපති, බෝම්බ නිශ්ක්‍රීය අංශයේ අණදෙන නිළධාරි ඇතුලු තනතුරු රාශියක් හොඹවා ඇති අතර රණවික්‍රම, රණශූර සහ දේශපුත්‍ර ඇතුලු සේවා ඇගැයීම් පදක්කම් රාශියක් ද හිමි කරගෙන ඇත.

    එසේම මීතොටමුල්ල අපද්‍රව්‍ය බහාලුම් ස්ථානයේ සිදු වූ ව්‍යසනය, අරනායක සාමසර කන්ද නායයම, කොළඹ, කලුතර, කිලිනොච්චි දිස්ත්‍රික්ක වල පැවති ගංවතුර ආපදාවලදී මෙන්ම කොස්ගම, ශාලාව යුධ හමුදා කදවුරේ අවි ගබඩාව පිපිරීම යනා දී ස්වභාවික සහ මිනිස් ක්‍රියාකාරකම් නිසා සිදුවු ආපදා කළමනාකරණය කරමින් මිනිස් ජීවිත සහ දේපළ ආරක්ෂා කිරීමට නායකත්වය ගෙන කටයුතු කර ඇත.

    අපාදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂක ජෙනරාල් තනතුරේ වැඩ භාර ගනිමින් ආපදා කළමානාකරණ මධ්‍යස්ථානයට පැවරී ඇති ජාතික වගකීම ඉටු කිරීමේ දී සියලු කාර්ය මංඩලය කණ්ඩායමක් ලෙස ඒකායන අරමුණින් යුක්තව වැඩ කිරීමේ වැදගත් කම පෙන්වා දෙන ලදී. මේ සදහා සියලු නිළධාරීන් ඔවුන්ගේ කාර්යභාරය හා වගකීම නිසි ලෙස ඉටු කරනු ඇතැයි තමා බලාපොරොත්තු වන බවත් එතුළින් ආපදාවලින් සිදුවන හානිය අවම කරගනිමින් රටේ මහජනතාවගේ ජීවිත සුරක්ෂිත බව තහවුරු කිරීමට කැපවීමෙන් කටයුතු කරනු ඇතැයි තමා අපේක්ෂා කරන බව තවදුරටත් අවධාරණය කර ලදී.

    ආරක්ෂක අමාත්‍යාංශයේ ආපදා කළමනාකරණ අංශයේ අතිරේක ලේකම් ක්‍රිස්ටි ලාල් ප්‍රනාන්දු, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ හිටපු අධ්‍යක්ෂ ජෙනරාල් ඩබ්ලිව්. ඒ ධර්මසිරි, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල් අතුල කරුණානායක, ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ අධ්‍යක්ෂ ජෙනරාල් ආචාර්ය ආසිරි කරුණාවර්ධන, ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ චමින්ද පතිරාජ සහ අමාත්‍යාංශයේ සහ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නිළධාරීන් පිරිසක් මේ අවස්ථාවට සහභාගී විය.

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya