අප්‍රේල් 23, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සෞඛ්‍ය අමාත්‍යවරිය සහ පළාත් ආයුර්වේද කොමසාරිස්වරු අතර විශේෂ සාකච්ඡාවක්

    ජනවාරි 05, 2020

    ආයුර්වේද ක්ෂේත්‍රයේ වෛද්‍යවරු සහ කාර්ය මණ්ඩලවල දැනුම ඉදිරියට ගෙන යා යුතු බවත්, පාරම්පරිකව පැවත එන ආයුර්වේදය සදහා මුල්තැනක් ලබාදිය යුතු බව සුව ඇමැති පවසයි.

    සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය සේවා, කාන්තා හා ළමා කටයුතු සහ සමාජ ආරක්ෂණ අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්ච් මහත්මිය පළාත් ආයුර්වේද කොමසාරිස්වරු, දේශීය වෛද්‍ය සේවා අමාත්‍යාංශයේ සහ ආර්වේද දෙපාර්තමේන්තුවේ නිලධාරින් සමග විශේෂ සාකච්ඡාවක් (03) දින සෞඛ්‍ය අමාත්‍යාංශයේ අමාත්‍ය කාර්යාලයේ දී පැවැත්විනි.

    මෙහිදී දේශිය ආයුර්වේද ක්ෂේත්‍රයට අදාල ගැටලු සහ එම ගැටලු නිරාකරණය සදහා සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් ගත යුතු පියවර සම්බන්ධව මූලික වටයේ සාකච්ඡාවක් පැවැත්විනි. මෙහිදී ආයුර්වේද කොමසාරිස්වරු ඇතුලු නිලධාරින් විසින් පවසා සිටියේ ඉතා දිගු කළකට පසු අමාත්‍යවරයෙක් හමුවී ආයුර්වේද ක්ෂේත්‍රයේ ගැටලු සාකච්ඡා කිරිම සදහා ඉඩකඩ ලබාදිම පිළිබද සිය ස්තූතිය අමාත්‍යතුමියට පිරිනමන බවයි.

    මෙහිදී ආයුර්වේද කොමසාරිස්වරු ඇතුලු නිලධාරීන් ප්‍රධාන වශයෙන් මානව සම්පත් හිඟය, මුදල් ප්‍රතිපාදන, නිල නිවාස ගැටලු සහ පුරප්පාඩු සදහා බදවා ගැනීම, සේවා නියාමනය කිරීම, ස්ථාන මාරු, ප්‍රජා වෛද්‍ය සේවා පනතක අවශ්‍යතාවය, පළාත් සභා සහ පළාත් පාලන ආයතන අමාත්‍යාංශය සමග සම්බන්ධීකරණය නොමැතිකම පිළිබදව සිය අදහස් සෞඛ්‍ය අමාත්‍යතුමිය වෙත දැනුම් දෙන ලදි.

    ඉදිරිපත් කරන ලද කරුණු පිළිබද අවධානය යොමු කළ සෞඛ්‍ය අමාත්‍යවරිය පවසා සිටියේ ආයුර්වේදය සදහා හෙද, රසායනාගාර ශිල්පීන්, ඖෂධ සංයෝජකයින්, ආදි බදවා ගැනීම් සදහා නව ක්‍රමවේදයක් සකස් කළ යුතුව ඇති බවයි. එම බදවා ගැනීමේ දී එම ප්‍රදේශවලින්ම එම තනතුරු සදහා බදවා ගැනීමේ වැදගත්කම ද පෙන්වා දෙන ලදි. එමෙන්ම සේවා ව්‍යවස්ථාවක අවශ්‍යතාවය ද පෙන්වා දෙන ලද අතර, ආයුර්වේද ක්ෂේත්‍රයේ වෛද්‍යවරු සහ කාර්ය මණ්ඩලවල දැනුම ඉදිරියට ගෙනයාමේ වැදගත්කම සහ පාරම්පරිකව පැවැත එන ආයුර්වේදය සදහා මුල්තැනක් ලබා දිය යුතු බව ද පෙන්වා දෙන ලදි. මෙය මූලික වටයේ සාකච්ඡාවක් වන බවත් අද දින සාකච්ඡාවට ගැනුන ඉහත සදහන් සියළු කාරණාවලට අදාලව සම්පූර්ණ වාර්තාවක් කඩිනමින් තමන් වෙත ලබාදෙන ලෙස ද ආයුර්වේද කොමසාරිස්වරුන්ට දැනුම් දෙන ලදි. රටේ ජනතාව නිරෝගීව තබා ගැනීම සදහා සෞඛ්‍ය සේවා ශක්තිමත් කරමින් එක වැඩපිළිවෙලක් සැකසිය යුතු බව ද අවධාරණය කරන ලදි.

    මෙම සාකච්ඡාව සදහා දේශීය වෛද්‍ය සේවා රාජ්‍ය අමාත්‍ය ප්‍රියංකර ජයරත්න මහතා, සෞඛ්‍ය ලේකම් භද්‍රානි ජයවර්ධන මහත්මිය, සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විජිතා සෙනෙවිරත්න මහත්මිය, දේශීය වෛද්‍ය සේවා අතිරේක ලේකම් (පාලන) පුෂ්පලතා මැණිකේ මහත්මිය, ආයුර්වේද කොමසාරිස් චතුර කුමාරතුංග මහතා, රජයේ ආයුර්වේද වෛද්‍ය සංගමයේ සභාපති හා රජයේ විධායක නිලධාරින්ගේ ඒ්කාබද්ධ කමිටුවේ සභාපති නිමල් කරුණාසිරි මහතා ඇතුලු දේශිය වෛද්‍ය සේවා අමාත්‍යාංශයේ සහ ආර්වේද දෙපාර්තමේන්තුවේ නිලධාරින් එක්ව සිටියහ.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya