මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඉ-ඉගෙනුම් සම්පත් මධ්‍යස්ථානයක් හෝමාගම ප්‍රදේශයේ ස්ථාපිත කිරීමට පියවර

    ජනවාරි 04, 2020

    පරිගණක ආශ්‍රයෙන් ඉගැන්වීම සඳහා නවීන තාක්ෂනය යටතේ ජාතික මධ්‍යස්ථානයක් පිහිටුවීම සඳහා කොරියානු රජය හා අධ්‍යාපන අමාත්‍යංශය සමඟ සාකච්ඡා කර ඉ- ඉගෙනුම් සම්පත් මධ්‍යස්ථානයක් සදහා වන සැළැස්මක් ඇති කර, අධ්‍යාපනය සඳහා කොළඹ නගරයේ කේන්ද්‍රීය මධ්‍යස්ථානය වන හෝමාගම පිටිපන ප්‍රදේශය තුළ පිහිට වීමට අවශ්‍ය සියලු සැළසුම් සකස් කර අවසන් කොට තිබූ බව කැබිනට් සම මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා විසින් ඊයේ(03) පැවති මාධ්‍ය හමුවේ දී ප්‍රකාශ කරන ලදී.

    එකී අධ්‍යාපන කේන්ද්‍රය තුළ මේ වන විට දකුණු ආසියාවේ විශාලතම ද්විතියික පාසල වන මහින්ද රාජපක්ෂ විද්‍යාලය, නැනෝ තාක්ෂණික උද්‍යානය, හරිත සරසවිය, කිරුම් මිනුම් පිලිබඳ ජාත්‍යන්තර මධ්‍යස්ථානය, පෙළ පොත් ගබඩා සංකීර්ණය, ටෙලිකොම් දත්ත ගබඩාව සහ ජ’පුර විශ්ව විද්‍යාලයේ තාක්ෂණ පීඨ, මොරටුව විශ්ව විද්‍යාලයේ තාක්ෂණ පීඨය යනා දී වශයෙන් ඉතා වැදගත් මධ්‍යස්ථාන රාශියක් කේන්ද්‍රියව පවතී.


    එමෙන්ම, එම ප්‍රදේශය තුළ මානව සම්පත් සහ අනිකුත් භෞතික සම්පත් ලබා ගැනීමේ වැඩිම ප්‍රදේශය ලෙස ද හෝමාගම ප්‍රදේශය හඳුන්වා දුන් ඒ මහතා ඉ-තාක්ෂණය සඳහා අවශ්‍ය තාක්ෂණික උපකරණ යෙදවුම් රැහැන් ආදිය ද එම ප්‍රදේශය සතුව පවතින බවත් ඒ අනුව, වඩාත් නිවැරදි ස්ථානගත කිරීමක් ඉ-ඉගෙනුම් සම්පත් මධ්‍යස්ථානය සඳහා පවතින බවත් අමාත්‍යවරයා විසින් සඳහන් කර සිටියේය.


    ඒ අනුව, වඩා ඵලදායී ලෙස යොදවා ගැනීම පිණිස ඉ-ඉගෙනුම් සම්පත් මධ්‍යස්ථානයක් හෝමාගම පිටිපන ප්‍රදේශයේ ඉදි කරන ලෙසට අධ්‍යාපන ඇමතිවරයා විසින් ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබේ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya