අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ නව සභාපති රාජකාරි අරඹයි

    ජනවාරි 04, 2020

    විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ නව සභාපතිවරයා වශයෙන් ජ්‍යේෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග මහතා ඊයේ (3) දින විශ්වවිද්‍යාල කොමිෂන් සභාවේ දී සිය ධුරයේ වැඩ භාර ගනුලැබීය.

    ශ්‍රී ලාංකීය සමාජ ක්‍රමය තුළ ජීවත්වන අවිහිංසක දරුවන්ට ඉතා විශිෂ්ට යුග මෙහෙවරක් ඉටු කිරීමේ අභියෝගය මහාචාර්ය සම්පත් අමරතුංග මහතාට භාර දී ඇති බව මෙම අවස්ථාවට සහභාගි වෙමින් තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ සහ උසස් අධ්‍යාපන, තාක්ෂණ හා නවෝත්පාදන ගරු අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.
    අතිගරු ජනාධිපතිතුමන්ගේ සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුව අපේ රටේ මානව සම්පත අපතේ යාම වළක්වා ගනිමන් අ.පො.ස උසස් පෙළ සමත් සියලුම දරුවන්ට උසස් අධ්‍යාපනය හා විශ්වවිද්‍යාල අධ්‍යාපන වරම් ලබා දී‍ම සාක්ෂාත් කිරීම රජයේ අරමුණ බව අමාත්‍යවරයා තවදුරටත් පෙන්වා දෙනු ලැබීය.

    තව ද ලාංකීය සමාජයේ අධ්‍යාපනය හරහා දුප්පතුන් බවට පත්වීම නවතා, අධ්‍යාපනය දුප්පත්කම නැති කිරීම සඳහාත්, අධ්‍යාපනය ජීවනෝපායන තත්ත්වය උසස් කිරීම සඳහාත් සමාජ සංස්කෘතික හා දේශපාලන ආදී ක්ෂේත්‍රයන්හි බුද්ධිමතුන් ඇති කර දරිද්‍රතාවය වෙනස් කිරීමේ මහා අභියෝගය භාර ගැනීමට සිදු වී ඇති බව මේ අවස්ථාවේදී පෙන්වා දෙනු ලැබීය.


    මේ සඳහා ගත් එක් පියවරක් වශයෙන් සෞන්ධර්ය විශ්වවිද්‍යාලයට අනුබද්ධව විශ්වවිද්‍යාල විද්‍යායතන 10ක් 2020 තුළ ඇති කිරීමට කටයුතු සිදු කර ඇත. එයින් බලාපොරොත්තු වන්නේ වෘත්තීය තාක්ෂණ ශිල්පීන් පමණක් නොව මිනිස් ගුණ සුවඳ හඳුනන විශ්වයට සම්පතක් විය හැකි මානව සම්පත් නිර්මාණය කිරීමේ ජාතික වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරීමයි. මේ සඳහා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ නව සභාපති වශයෙන් ජ්‍යේෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග මහතාට විශේෂ කාර්ය භාරයක් පැවරී ඇති බව අමාත්‍යවරයා පෙන්වා දෙනු ලැබීය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya