අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    රජයේ මාධ්‍ය ප්‍රකාශකවරුන් ලෙස කෙහෙළිය හා මහින්දානන්ද පත් කෙරේ

    ජනවාරි 04, 2020

    රජයේ මාධ්‍ය ප්‍රකාශකවරුන් වශයෙන් කෙහෙළිය රඹුක්වැල්ල හා මහින්දානන්ද අලුත්ගමගේ යන රාජ්‍ය අමාත්‍යවරුන් පත් කිරීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කොට ඇත.

    මේ නිසා කැබිනට් තීරණවලට අදාළ නොවන ජාතික හා වෙනත් ප්‍රශ්න පිළිබඳව මාධ්‍යවේදීන්ට ඔවුන් දෙදෙනාගෙන් කරුණු දැන ගත හැකි වනු ඇතැයි සම කැබිනට් ප්‍රකාශක, ඇමති බන්දුල ගුණවර්ධන මහතා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ඊයේ(03) පැවති මාධ්‍ය හමුවේ දී පැවසීය.


    මෙයට අමතරව බ්‍රිගේඩියර් චන්දන වික්‍රමසිංහ මහතා හමුදා ප්‍රකාශක ලෙසත්, පොලිස් මාධ්‍ය ප්‍රකාශක ලෙස, පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න මහතා පත් කොට ඇති බවද, ඇමතිවරයා කීය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya